නබි නායකතුමාටත්, ඉස්ලාම් දහමටත් නිගරු වන අන්දමේ චිත‍්‍රපටය නිර්මාණය කළ ඇමෙරිකානු ජාතිකයා මරා දමන අයකුට ඇමෙරිකන් ඩොලර් ලක්ෂයක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට සූදානම් යැයි ප‍්‍රකාශ කළ පාකිස්තාන දුම්රිය කටයුතු පිළිබඳ ඇමැති ගුලාම් අහ්මඞ් තම ඝාතන ලැයිස්තුවෙන් ඉවත් කළ බව තලේබාන් සංවිධානය ඊයේ (27) ප‍්‍රකාශ කළේය. ‘ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්’ නමැති එම චිත‍්‍රපටය නිර්මාණය කළ ඇමෙරිකානුවා මරා දැමිය යුතු බවත්, ඔහු මරා දැමීමට තලේබාන් සහ අල්කයිඩා මුස්ලිම් සොහොයුරන් යුහුසුළුව කටයුතු කළ යුතු බවත් පාකිස්තාන දුම්රිය ඇමැතිවරයා කියා සිටියේ පසුගිය 22 වැනිදා ඉස්ලාමාබාද් නුවරදී මාධ්‍ය හමුවක් පැවැත්වූ අවස්ථාවේදීය. පාකිස්තාන ජනපති, අගමැති ඇතුළු මැති ඇමැතිවරු රැසක් තලේබාන් සටන්කාමීන්ගේ ඝාතන ලයිස්තුවේ සිටිති. ”ඇමැති ගුලාම් අහ්මඞ් කළ ප‍්‍රකාශය හේතුවෙන් අප ඔහුට සමාව දෙනවා. අපේ ඝාතන ලැයිස්තුවෙන් ඔහුගේ නම ඉවත් කිරීමට අප තීරණය කළා” යැයි තලේබාන් සංවිධානය වෙනුවෙන් එහි ප‍්‍රකාශක එන්සනුල්ලා එන්ශාන් පැවැසීය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝකත් වෙන්නේ හොදටයි කියනවනේ. (නි)