IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පාකිස්තාන ජනපතිට එරෙහි ස්විට්සර්ලන්ත නඩුව වහා අරඹන්නැයි නව අගමැතිට උසාවි නියෝග

(ඒ.එෆ්.පී.* පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරිට එරෙහි මූල්‍ය වංචා පිළිබඳ නඩු විභාග ආරම්භ කරන්නැයි ස්විට්සර්ලන්ත රජයට දැනුම් දෙන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා (27) නව අගමැති රාජා පර්වේස් අෂ්රාෆ්ට නියෝග කළේය. ඒ සඳහා සති දෙකක කාලයක් ලබා දෙන බව ද අධිකරණය අගමැතිවරයාට දැනුම් දී ඇත. පර්වේස් පාකිස්තානයේ අගමැති ධුරයට පත් වූයේ එම ධුරයේ කටයුතු කළ යූසොෆ් රාසා ගිලානී අගමැති ධුරයෙන් ඉවත් වීමත් සමඟය. ගිලානිට ධුරය අහිමි වූයේ ඔහු එම ධුරයට නුදුසුදු යැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම නිසාය. ඊට හේතු වූයේ පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරිට එරෙහිව ඇති දුෂණ නඩු විභාග යළි ආරම්භ කරන ලෙස ස්විට්සර්ලන්ත රජයට දැනුම් දෙන්නැයි පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය පැහැර හැරීමෙන් ගිලානි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීමය. අගමැති ධුරයේ වැඩ බාර ගත් අෂ්රාෆ්ගේ ප‍්‍රමුඛ කාර්යය විය යුත්තේ ජනපති සර්දාරිට එරෙහිව නඩු විභාග ආරම්භ කරන ලෙස ස්විට්සර්ලන්ත රජයට දැනුම් දීමය. එසේ නොකළහොත් ඔහුට එරෙහිව ද නීති මගින් කටයුතු කෙරෙනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.



අදහස් (0)

පාකිස්තාන ජනපතිට එරෙහි ස්විට්සර්ලන්ත නඩුව වහා අරඹන්නැයි නව අගමැතිට උසාවි නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site