අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ, එළඹෙන 13 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටීමට කරන ලද නියෝගය අභියෝගයට ලක් කරමින් පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානි ඊයේ (8) අභියාචනයක් ඉදිරිපත් කළේය. පාකිස්තාන ජනාධිපති අසිෆ් අලි සර්දාරිට එරෙහිව ඇති දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් නීතිමය කි‍්‍රයාමාර්ගක් ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඉකුත් 2 වැනිදා ද අගමැති ගිලානි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේදී නඩුවාරය ලබන 13 තෙක් කල්තැබිණ. ගිලානි වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ ඔස්ටේ‍්‍රලියාව, බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය, ඉන්දියාව, සහ ඇමෙරිකාව යන රටවල අධිකරණ පූර්වාදර්ශයක් කොටගෙන අගමැතිවරයා ඊයේ අභියාචනය ගොනු කළ බවය. එල්ල වී ඇති චෝදනාවලට අගමැති ගිලානි වරදකරු වුවහොත් සය මසකට වැඩි කාලයක් සිරදඬුවම් ලැබිය හැකි බව ද වාර්තා වේ.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd