IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පකිස්තාන අගමැතිගෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීමක්

දශක ගණනාවකට පසු කාශ්මීරයේ දී ඉන්දීය හමුදා වෙත එල්ල වූ දරුණුතම ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට ඉන්දියාවට සහාය දීමට පාකිස්තානය සූදානම් බවත් එහෙත් ඉන්දියාව ප්‍රහාර එල්ල කළහොත් ඊට එකට එක සිදු කරන බවත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (19) පැවැසීය. 
 
ඉකුත් සතියේදී පාකිස්තානයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදාවට අයත් රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දීය හමුදාවේ සාමාජිකයන් 41 දෙනකු මිය යෑමත් සමඟ න්‍යෂ්ටික අවිවලට හිමිකම් කියන ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින අර්බුදය උග්‍ර අතට හැරී තිබේ. 
 
අසල්වැසියන් වන පාකිස්තානය සහ ඉන්දියාව අතර මේ වනවිට දැඩි මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබෙන අතර ඉන්දු-පාකිස්තාන කලාපය තුළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මැදිහත්වන්නැයි පාකිස්තානය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් ද කර ඇත. 
 
ඉන්දීය හමුදා රථ පෙළට එල්ල වූ ප්‍රහාරය පාකිස්තාන රජයේ සහ පාකිස්තානයේ හමුදා බුද්ධි අංශය වන අයි.එස්.අයි. හි අනුදැනුම මත සිදු වූවක් යැයි ද ඉන්දියාව චෝදනා කරයි. මේ තත්ත්වය නිසා ඉන්දු-පාකිස්තාන අසල්වාසීන් අතර අර්බුදය තීව්‍ර වී තිබේ. 
 
පසුගිය සතියේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට පාකිස්තානය සම්බන්ධ නම් සාධක සහිතව එය ඔප්පු කරන්නැයි ද පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉල්ලා සිටියේය. ඉම්රාන් ඛාන් මේ බව ප්‍රකාශ කර සිටියේ ජාතිය අමතමිනි. එය කලින් පටිගත කර විකාශය කරන ලද්දක් බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්විණි. 
 
ඉකුත් සතියේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව පාකිස්තානයේ සිටින ඔවුන්ගේ මහ කොමසාරිස්වරයා ගෙන්වා ගැනීමට කටයුතු කළ අතර පාකිස්තානය ද ඉන්දියාවේ සිටින ඔවුන්ගේ මහ කොමසාරිස්වරයා ගෙන්වා ගත්තේය. 
 
ජායිෂ් ඊ මොහොම්මද් සන්නද්ධ සංවිධානය ඉන්දීය හමුදා රථ පෙළ ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරයේ වගකීම බාරගත් අතර එම සංවිධානය සහ පාකිස්තාන හමුදාව හා එරට අයි.එස්.අයි බුද්ධි අංශය සමීප සබඳතා පවත්වන බව ට ද ඉන්දියා චෝදනා කරයි. 
 
“ප්‍රහාරයට පාකිස්තානයේ කිසිදු සම්බන්ධයක් නැහැ. එසේ තිබෙනවා නම් ඔප්පු කරන්න. අපිත් පරීක්ෂණවලට සහාය වෙනවා. එහෙත් අපට ප්‍රහාර එල්ල කළහොත් අපි ඊට එකට එක කරනවා. අපි ඒ ගැන හිත හිත ඉන්නේ නැහැ. අපි එකට එක කරනවා” යැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කීය. 

මේ අතර ප්‍රහාරය පසුපස සිටින සියලු දෙනාට ඉහළ මිලක් ගෙවීමට සිදුවනු ඇතැයි ඉන්දීය බලධාරීන් අනතුරු අඟවා ඇත. 
 
ඒ.එෆ්.පී. ඇසුරිනි
 
055



අදහස් (0)

පකිස්තාන අගමැතිගෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site