බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගීමේ වරදට තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි ප‍්‍රහාරයට ලක් වී බි‍්‍රතාන්‍යයේ ප‍්‍රතිකාර ලබන 15 හැවිරිදි පාකිස්තාන දැරිය මලාලා යූසොෆ්සායිට ගෞරව කිරීමක් ලෙස  පෙරේදා (10) ‘මලාලා දිනය’ ලෙස පාකිස්තාන රජය විසින් නම් කරනු ලැබ තිබුණි. මලාලා දිනය දා තලේබාන් විරෝධී රැලි ස්වාත් නිම්නයේ මලාලා දැරියගේ උපන් නගරය වන මින්ගෝරාවේ පැවැත්වුණු අතර ඊට සහභාගී වූ බොහෝ දෙනා පාසල් දැරියන්ය. ඇතැම් දැරියන් එම විරෝධතාවලට සහභාගී වූයේ තලේබාන්වරුන්ගෙන් ප‍්‍රහාරයක් එල්ල වේවි යැයි බියෙනි. මේ අතර ඔක්තෝබර් 9 වැනිදා තලේබාන් සටන්කාමියකු එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ මලාලා මේ වනවිට දැඩි ආරක්ෂක රැුකවල් මැද බි‍්‍රතාන්‍යයේ බර්මින්හැම්හි රැුජින රෝහලේ ප‍්‍රතිකාර ලබන මලාලාට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමිය යුතු යැයි බි‍්‍රතාන්‍ය වැසියෝ පවසති. නොබෙල් සාම ත්‍යාගය සඳහා මලාලාගේ නම යෝජනා කරන්නැයි බි‍්‍රතාන්‍ය වැසියෝ දහස් ගණනක් දෙනා එරට රජයෙන් එම ඉල්ලීම කළේ ඉකුත් 9 වැනිදාය. මලාලාට මල්මාලා...