පකිස්තානයේ රුපියල් 5000 නෝට්ටුව(ශ්‍රි ලංකා රුපියල් 7168 ) ඉවත් කිරීමට එරට සෙනෙට් සභාව තීරණය කර ඇතැයි වාර්තා වෙයි.මීට එරට ආණ්ඩුවේම විරෝධයක් ඇති නමුත් එය නොසලකා මෙම තීරණය ගෙන ඇත.

නීතිවිරෝධී මුදල් භාවිතය අවම කිරීමට මේ තීරණය ගත් බව එරට රජය කියයි.

සෙනෙට් සභාවේ ඔස්මන් සයිෆුල්ලා මෙම යෝජනාව ඉදිරිපත් කළේය.ඔහු පැවසුයේ සිදුවන නීති විරෝධී ගනුදෙනු වලට මෙම මුදල් නෝට්ටුව වැඩිපුර භාවිත වී ඇති බවයි.

මේ හේතුවෙන් ව්‍යාපාර කටයුතු වලට බාධා ඇති වෙතියි නීතිය පිළිබඳ අමාත්‍ය සමිඩ් හමීඩ් මෙම යෝජනාවට විරුද්ධ විය.

මීට මාස දෙකකට පෙර ඉන්දියාවේ රුපියල් 1000 හා රුපියල් 500 නෝට්ටු අවලංගු කිරීමට ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි තීරණය කළේය.