පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි මහල් හතරකින් යුත් ඇඟලූම් කර්මාන්තශාලාවක ඊයේ(12) හටගත් ගින්නකින් එහි සේවය කළ 194දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
කරච්චි නුවර කර්මාන්තශාලාවේ මෙම ගින්න හටගැනීමෙන් අනතුරුව ලාහෝර්හි පිහිටි සපත්තු කර්මාන්තශාලාවකද ගින්නක් හටගෙන ඇති අතර ඉන් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බව පාකිස්තාන රජය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූවන්ගෙන් වැඩි පිරිසක් ගින්න හට ගත් අවස්ථාවේදී ගින්නෙන් බේරීමට සිවු මහල් ගොඩනැගිල්ලෙන් බිමට පැන්නවුන් බව වාර්තා වේ. මෙලෙස තුවාල ලැබූවන්ගේ ගණන 65ක් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ගින්න සම්පූර්ණයෙන් නිවා දැමූ ගිනි නිවන භටයන් පවසන්නේ මේ වන විට මළ සිරුරු 194ක් පමණ සොයා ගෙන ඇති බවයි. මියගිය අයගෙන් බොහෝදෙනෙක් කර්මාන්තශාලාවේ බිම් මහලේ සේවය කරමින් සිටි අය බව ගිනි නිවන භටයෝ පැවසූහ.
ගින්න හටගත් අවස්ථාවේදී කර්මාන්තශාලාවේ 200කට අධික පිරිසක් සේවය කරමින් සිට ඇති බව වාර්තා වේ. කරච්චි නගරයෙන් දශක ගණනාවකට පසුව වාර්තා වූ දරුණුතම ගිනි ගැනීමේ සිදුවීම මෙය බව ගිනි නිවන භට කණ්ඩායම් ප‍්‍රධානී සලීම් සඳහන් කළේය.
යට ඇඳුම් සහ ප්ලාස්ටික් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් මෙහි ගින්න හටගත්තේ කෙසේදැයි යන්න පිළිබඳව තවමත් නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් කරච්චි නගරයේ පොලිස් ප‍්‍රධානියා ප‍්‍රකාශ කළේය.
කරච්චි සිද්ධිය සිදු වූ පෙරේදා දින සවස් කාලයේදී ලාහෝර් නුවර පිහිටි සපත්තු නිෂ්පාදන කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබේ. ඉන් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 14 දෙනෙක් තුවාල ලැබූහ.
ගින්නට හේතුව කර්මාන්තශාලාවේ ඇති විදුලි ජනක යන්ත‍්‍රයේ සිදුවූ දෝෂයක් බව ලාහොර් පොලිසිය සඳහන් කළේය. සිද්ධිය සැලවූ සැනින් එම ස්ථානයට පැමිණි ගිනි නිවන භටයන් කර්මාන්තශාලාව තුළ සිරවී සිටි සේවකයන් බොහෝදෙනකු පිටතට ගැනීමට සමත්ව ඇති බව වාර්තා වේ.
පාකිස්තාන ආර්ථිකය තුළ ඇඟලූම් ක්ෂේත‍්‍රයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.4ක දායකත්වයක් දක්වන්නේ ද ඇඟලූම් ක්ෂේත‍්‍රයයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පාකිස්තානයේ කම්හල් දෙකක මහා ගින්නෙන් 215ක් මරුට
මධූ Thursday, 13 September 2012 12:59 PM
215 ට වඩා මැරුණ කියලා තමයි මම දන්නේ. කොහොම උනත් මෙහෙම හරි ගෙවන එක හොඳයි....(ස)
සජීව Friday, 14 September 2012 07:47 PM
පව් අප්පා. මිනිස්සු (දී)
මධු Thursday, 13 September 2012 07:53 PM
හොද පුවතක්. (නි)
භාලික් Friday, 14 September 2012 11:25 AM
අනේ මධූ, ඔයා හොදටම මදුවිතෙන් නේද ඉන්නේ? 215ක් නෙමෙයි 215000ක් මැරුණත් මේ රටේ ජනගහණය අඩු කරන්න බැහැ. මට ඔයා ගැන හරිම දුකයි. (නි)