ඉන්දියාව මේ මාසයේදී තම රටට ප්‍රහාරයක් එල්ල කරන බවට විශ්වාසදායක ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇතැයි පාකිස්තාන විදේශ අමාත්‍ය ෂා මහ්මූද් කුරේෂී පැවැසීය.
ඉන්දියාව සහ පාකිස්තානය අතර පසුගිය පෙබරවාරි මාසයේදී ඇති වූ නොසන්සුන්තාව තරමක් දුරට සන්සුන් වෙමින් තිබියදී පාකිස්තානය විදේශ අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
පාකිස්තාන විදේශ ඇමැතිවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් එම ප්‍රකාශය වගකීම් විරහිත යැයි ඉන්දියාව පැවැසීය.
ඉන්දියාව අප්‍රේල් 16ත් 20ත් අතර දිනයකදී පාකිස්තානයට ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි ද ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන් දැනුවත් කළ බවත් පාකිස්තාන විදේශ අමාත්‍යවරයා කීවේය.
“පාකිස්තාන විදේශ අමාත්‍යවරයා වගකීම් විරහිත සහ හාස්‍ය උපදවන ප්‍රකාශ ඉන්දියාව ප්‍රතික්ෂේප කරනවා. ඉන්දියාවට යුද මානසිකත්වය නැහැ. පාකිස්තානයට කලාපය තුළ යුද්ධයක් ඇති කිරීමේ මානසිකත්වයක් තිබෙනවා” යැයි මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් කීය.
රොයිටර් ඇසුරිනි
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ඉතින් පකිස්තාන් ගුවන් සීමාවට බලෙන් ඇතුළුවෙලා බෝම්බ දැම්මේ ඉන්දියාව නේද? ඒවා කරන්න ගිහින් කපුකම මදි වෙලාද කොහෙද? ලංකාවටත් ඔයදේම කළා. අන්තිමට ඔවුන්ගේ අගමැතිවත් මැරුණා බෝම්බෙට අහුවෙලා..