ඬේලිමේල්
නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩින් ඕක්ලන්ඩ්හිදී අද (21) දියණියකට උපත දුන්නාය. ඒත් සමඟම නවසීලන්ත අගමැතිනිය ධුරයේ සිටියදීම දරුවකුට උපත දුන් දෙවැනි රාජ්‍ය නායිකාව බව ට ද පත්වූවාය.
දියණිය නවසීලන්ත අගමැතිනියගේ සහ ඇයගේ සහකරු ක්ලාක් ගේෆෝඩ්ගේ පළමු දරුවාය.
“හැම අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ටම දරුවකු ඉපදුනාම දැනෙන සතුට අපටත් දැනුණා කියලා මම හිතනවා. බොහෝ දෙනෙක්ගෙන් සුබ පැතුම් ලැබුණා. ඒ හැමෝටම අපි දෙන්නා කෘතඥ වෙනවා” යැයි ජසින්ඩා ආඞ්න් කීවාය.
දියණිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඉන්ස්ටග්‍රම් ඔස්සේ නවසීලන්ත අගමැතිනිය සටහනක් තබා තිබිණි. ඇය එහිදි ඕක්ලන්ඞ් රෝහල් කාර්යමණ්ඩලයට ද ස්තූති කර තිබිණි.
නවසීලන්ත විදේශ අමාත්‍ය වින්ස්ටන් පීටර්ස්ගේ එරට වැඩ බලන අගමැතිවරයා වශයෙන් කටයුතු කරයි. පසුගිය වසරේ පැවැති නවසීලන්ත මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට නොහැකි විය. ඒ අනුව ජසින්ඩා ආඞ්න්ගේ කම්කරු පක්ෂය, වින්ස්ටන් පීටර්ස්ගේ ‘නිව්සීලන්ඞ් පක්ෂය’ සහ හරිත පක්ෂය එක්ව සභාග ආණ්ඩුවක් පිහිටුවීය.
බලයේ සිටියදී දරුවකුට උපත දුන් පළමු නායිකාව පාකිස්තානයේ හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සඳ තරු මල් මට දන් දුන් .................
සුන්දර දර්ශනයක්... රත්තරන් දූ පැටියාට යහපතක්ම වේවා !!!