අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට යන පිරිස් රඳවා තැබෙන නාවුරු කඳවුර මිනිස් වාසයට නුසුදුසු බව රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ඕස්ට්‍රේලියාවට චෝදනා කරයි.
වික්ටෝරියා ප්‍රාන්ත පුස්තකාල මන්දිරය ඉදිරිපිටට රැස්වූ හය දහසක් පමණ කියා සිටියේ මේ කඳවුර වසා දමන ලෙසයි.
දැනට එහි 267 දෙනෙක් සිටිති. තවත් පිරිසක් එහි යැවීමට ද නියමිතය. ඒ අතර කුඩා දරුවන් 37 දෙනකු සිටින බවත් සරණාගතයන් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන කියයි. නාවුරු කඳවුර ගැන ඕස්ට්‍රේලියා රජයේ ප්‍රධානීන් ද සංවේදී බවක් පෙන්වන බවත් දුරකථන මාර්ගයෙන් ඔවුන් ජනතාවගේ විරෝධයට ඇහුම්කන් දී ඇති බවත් කියති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.