අස්වාන් සිට ලක්සූර් වෙත ගමන් කළ ‘‘නයිල්‘‘ සුඛෝපභෝගී නෞකාවේ සේවකයන් 12 දෙනෙකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යාංශය අද (06) නිවේදනය කළේය.
‘‘ඊජිප්තු කාර්ය මණ්ඩලයේ 12 දෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වෙලා. ඔවුන් කිසිඳු රෝග ලක්ෂණයක් පෙන්නුම් කළේ නැහැ’’ යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
නෞකාවේ ගමන් කළ තායිවාන සංචාරකයකුගෙන් වයිරසය ඊජිප්තු ජාතික සේවකයන්ට ආසාදනය වන්නට ඇතැයි ද බලධාරීහු සැක පළ කරති.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමට විතරයි සුඛෝපභෝගී, මේවා ඔක්කොම ලෙඩ වාට්ටු...