මීට වසර 80,000කට පමණ ඉහතදී විසූ බව සැලකෙන නියැන්ඩතාල් තරුණයන් සහ දරුවන් කිහිපදෙනෙකුගේ පා සලකුණු ප්‍රංශයේ නෝමැන්ඩි වෙරළ තීරයේ තිබී හමුවී ඇත.
 
ප්‍රංශයේ වයඹ දිග රොසෙල් ප්‍රදේශයේ කාලයක සිට කැණීම් කරමින් සිටි පුරාවිද්‍යාඥයින් පිරිසකට මෙම සළකුණු හමු වී තිබේ.
 
මෙම පිරිසට නියැන්ඩතාල් මානවයන් 10 සිට 13 දක්වා ප්‍රමාණයක පා සලකුණු හමු වී තිබේ. අවුරුදු 2ක පමණ දරුවකුගේ බවට සැලකෙන පා සලකුණක්ද, ඔවුන්ගේ අත්වල සලකුණු කිහිපයක්ද සොයාගෙන ඇත.
 
නියැන්ඩතාල් මානවයා ගුහා ආශ්‍රිතව පමණක් දිවි ගෙවූ අයෙකු බවට පවතින මත මෙවැනි සාධක වලින් නිෂ්ප්‍රභ වන බවද ඔවුන්ගේ පා සලකුණු සොයාගැනීම දුෂ්කර බවද ඔවුහු පවසති.
 
(නිව්යෝක් ටයිම්ස් ඇසුරින්)

16844