IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නයිජීරියා ගුවන් හමුදා ප‍්‍රහාරයෙන් සෝමාලි සටන්කාමීහු 68 ක් මියයති

අල් කයිඩාව සමඟ සම්බන්ධ අල් ෂබාබ් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් සෝමාලි නගරයකට නයිජීරියා ගුවන් හමුදාව ඊයේ (8) දරුණු ප‍්‍රහාරයක් එල්ල කළ අතර එයින් සටන්කාමීහු 68 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ප‍්‍රහාරය එල්ල වූයේ අල් ෂබාබ් සටන්කාමීන්ගේ තිප්පොළක් ලෙස ද සැලකෙන ගරබහාරේ නමැති කුඩා නගරයටය. ප‍්‍රහාරය එල්ලවෙද්දී ඉන්ධන ලබා ගැනීමට සටන්කාමීහු සියයකට වැඩි පිරිසක් නගරයේ ඉන්ධනහල වෙත පැමිණ සිටියහ. ප‍්‍රහාරයෙන් පනහකට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත්, මියගිය ගණන තවත් ඉහළ යා හැකි බවත් කෙන්යා හමුදා ප‍්‍රධානී කර්නල් සයිරස් ඔගුනා පවසයි. කෙන්යාව සෝමාලියාවේ අසල්වැසියාය. රටේ කි‍්‍රයාත්මක අල් ෂබාබ් සටන්කාමීන් මර්දනය කිරීමට සෝමාලි රජය අපොහොසත් වී සිටියි. අල් ෂබාබ් සටන්කාමීන් කෙන්යාවට ද තර්ජනයක් වී ඇත. කෙන්යා රජය, සෝමාලි රජය සමඟ එක් වී සටන්කාමීන්ට එරෙහිව ඒකාබද්ධ හමුදා මෙහෙයුම් ආරම්භ කළේ එහෙයිනි. මේවනවිට කෙන්යා හමුදා භට පිරිස් ද සෝමාලියාවට ගොස් සිටිති.



අදහස් (0)

නයිජීරියා ගුවන් හමුදා ප‍්‍රහාරයෙන් සෝමාලි සටන්කාමීහු 68 ක් මියයති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 68 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site