නයිජීරියාවේ වයඹ දිග කට්සිනා ප්‍රාන්තයේ ගම්මාන දෙකකට එල්ලවූ ප්‍රහාරයකින් 30දෙනකුට වැඩිපිරිසක් මියගොස් ඇත.
යතුරුපැදි වලින් පැමිණි සන්නද්ධ කල්ලියක් විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙළවී ඇතැයි නයිජීරියානු පොලිසිය පවසයි.
මියගිය අය අතරින් 21දෙනකු පිළිස්සුම් තුවාල හේතුවෙන් මියගොස් ඇති අතර නව දෙනකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
ගම්මාන වල ආරක්ෂාවට පොලිස් හා හමුදා කණ්ඩායම් යොදවා ඇති බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් මෙහෙයුමක් දියත් කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි. පැහැරගැනීම් සහ මංකොල්ලකෑම් සමඟ නයිජීරියාවේ ප්‍රචණ්ඩත්වයෙන් මියයන සංඛ්‍යාව දිනෙන් දින ඉහල යමින් පවතින බව මාධ්‍ය වාර්තා කර ඇත.
ඊසාන දිග බෝර්නෝ පළාතේදී පසුගිය පෙබරවාරි 09වනදා බෝකෝහරාම් ත්‍රස්තයන් විසින් පුද්ගලයන් 30දෙනකු ඝාතනය කළ බවට වාර්තා විය.
ඊසාන දිග ඉස්ලාමීය කැරළි, මධ්‍යම ප්‍රාන්ත වල ගැටුම් සහ ගිණිකොන දෙසින් නයිජර් ඩෙල්ටාවේ සටන්කාමී කණ්ඩායම් වල ක්‍රියාකාරකම් ඇතුළුව නයිජීරියාව ගැටුම් රාශියකට මුහුණ දී තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 04
670
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
549
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නයිජිරියාවේ කට්සිනා ප්‍රාන්තයට එල්ල වූ ප්‍රහාරයකින් 30 කට අධික පිරිසක් මරුට