IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ස්වීඩන ජාතික කිවියකුට

ස්වභාවධර්මය, ඉතිහාසය සහ මරණය තේමා කොට ගනිමින් කවි ලියූ ස්වීඩන ජාතික කවියකු වන තොමාස් ට‍්‍රාන්ස්ට්‍රෝමර් මෙම වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේය. අසූ හැවිරිදි වියෙහි පසුවන මනෝවිද්‍යාඥයකු ද වන ට‍්‍රාන්ස්ට්‍රෝමර් උපන්නේ 1931 වසරේදී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදීය. 1954 වසරේදී පළ කෙරුණු ‘සෙවන්ටීන් පොයම්ස්’ ට‍්‍රාන්ස්ට්‍රෝමර්ගේ ප‍්‍රථම පද්‍ය සංග‍්‍රහය වේ. ඊට අමතරව 1962 දී හාෆ් ෆිනිෂ්ඞ් හෙවන්, 1966 වසෙර් දී වින්ඩෝස් ඇන්ඞ් ස්ටෝන්ස්, 1970 වසරේදී ටුවෙන්ටි පොයම්ස් සහ 2010 වසරේදී සොරෝ ගොන්ඩෝලා නමැති පද්‍ය සංග‍්‍රහ හරහා ට‍්‍රාන්ස්ට්‍රෝමර් විචාරකයන්ගේ පැසැසුමට ලක් විය. ස්වීඩන බසින් පළ කෙරුණු ඔහුගේ නිර්මාණ නොයෙක් ලේඛකයන් ඉංග‍්‍රිසියට පරිවර්තනය කර ඇත. මනස සහ බාහිර ලෝකය අතර ඇති සබඳතාවෙහි ස්වරූපය කෙරෙහි අවදානය යොමු කරමින් චිත්ත රූප මැවෙන ආකාරයෙට කාව්‍යමය කෘතීන් රචනා කරන කවියකු ලෙසද ට‍්‍රාන්ස්ට්‍රෝමර් ප‍්‍රකටය. ආබාධිත පුද්ගලයින්, අපරාධවලට සම්බන්ධ වී සිරදඬුවම් විඳින්නන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීමට ද ට‍්‍රාන්ස්ට්‍රෝමර්, මනෝ විද්‍යාඥයකු ලෙස දායක වී ඇතැයිද පැවසේ. තොමාස් ට‍්‍රාන්ස්ට්‍රෝමර්



අදහස් (0)

නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ස්වීඩන ජාතික කිවියකුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 615 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1097 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site