දරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින වීර දැරිය මලාලා යුසෆ්සායි සහ ඉංදියානු ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධකයෙක් වන කයිලාෂ් සත්යාර්ති යන දෙදෙනාට 2014 සාමය සඳහා වු නොබෙල් ත්‍යාගයෙන් හිමිව ඇත.
17 වැනි වියේ පසුවන මලාලා නොබෙල් ත්‍යාගය හිමිකැරගත් ලාබාලම තැනැත්තිය ද වෙයි.
2012 දී තලෙයිබාන් තුවක්කුකරුවකු විසින් එල්ල කරණ ලද වෙඩි පහරින් ඇගේ හිසට බරපතල ලෙස තුවාල විය. ඒ ඇය ළමා අධ්‍යාපනය වෙනුවෙන් හඬ කගමින් සිටිය දී ය. ඇය දැන් බ්‍රිතාන්‍යයේ වාසය කරයි. .
මෙම යුගලය ළමා සහ තරුණ ක්‍රියාකාරකම් මර්ධනය නතර කිරීමට එරෙහිව කරණ ලද බලවත් පරිශ්රමය ගැන නොබෙල් ත්‍යාග කමිටුව ප්‍රසංසාවට ලක්වී තිබේ.
සත්යාර්ති මහතා (60 ) මහත්මා ගාන්ධි සම්ප්රදාය අනුගමනය කරන්නෙක්වන අතර ළමා ශ්‍රමය ආර්ථික වාසි සඳහා සූරා කෑමට එරෙහිව පැවැත්වු සාමකාමි විරෝධතා විශාල ප්‍රමාණයකට නායකත්වය ලබාදි තිබෙන බව ඔස්ලෝ හි නොබෙල් ත්‍යාග කමිටුව නිවේදනය කර තිබේ.
මෙම ත්‍යාගය තමා විසින් දිනාගෙන ඇති බව දැනගත් සත්යාර්ති මහතා මාධ්‍යවෙත ප්‍රකාශ කර ඇත්තේ එය සමස්ථ ඉංදියානුවන්ට විශාල ගෞරවයක් බවයි. ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ තමන්ට ලැබෙන ත්‍යාගය ද ලෝකයේ ළමයින් වෙනුවෙන් කැප කරන බව යි.
2013 දී ටයිම්ස් සඟරාව මගින් මලාලා ඉතාමත් වැදගත් පුද්ගලයා ලෙස මින් ඉහත දී සම්මානයට පාත්‍ර වූවාය. යුරෝපා සංගමය මගින් පිරිනමන කීර්තිමත් සක්හරෝවි මානව අයිතිවාසිකම් සඳහා වන ත්‍යා ද මින් ඉහත ඇය විසින් දිනාගත්තාය.
COMMENTS
මලෙලා මොනවද කරලා තියෙන්නේ නොබෙල් ත්‍යාගය ගන්න තරම්. (අ)
ලමයි අරන් ඉස්කෝලේ ගිය. තලේබාන්ලා වෙඩි තිබ්බ. මලාල වීරයෙක් කල. ඇත්තටම ඩොලර් කෝටියක් දුන්නත් කමක් නැහැ. මේ වගේ වීරවරියන් හදන එකෙන් වෙන්නේ අන්තවාදීන් තවත් ඇවිස්සෙන එක. මේකෙන් පෙන්නේ බටහිර සල්ලිකාරයන්ගේ ඔලුව ඉදිමුන ස්වභාවය. තමන්ට කැමති දෙයක් කැමති විදියට කරන්න පුළුවන් කියන අහංකාර කම. (අ)
ඔබට සුබ පැතුම්! (නි)
තලෙයිබානුවන් නිසා තමයි මැයට නොබෙල් ත්‍යාගය ලැබුණේ. ඒක තමයි තිත්ත ඇත්ත. (හේ)
අපෙන් සුබ පැතුම්! (නි)
මොන ප්‍රශ්න තිබ්බත් සාම ත්‍යාගය ලැබෙන්න තිබ්බේ ශ්‍රි ලංකාවේ ජනාධිපතිට මිට අවුරුදු කිහිපයකට කලින් හරි. අනෙක් රටවල ගැටුම් තව තවත් උග්‍ර වෙද්දී අද සිංහල දෙමල උදවිය සාමයේ පහස අත් විදිනවා. (අ)
එතකොට අවරුදු තිස් ගණනක හිටිය ලෝකයේ කුරිරුම ත්රස්තයන් පරදවපු අපේ රටේ ජනාධිපති තුමාට දෙන්නේ මොනවද මේ කට්ටිය .(හේ)
අපි හරියටම ඇත්ත නැත්ත දන්නේ නැහැ. නමුත් පකිස්තානුවෙක් මා සමග පුද්ගලිකව පැවසුවා මේ ළමයා වෙනත් රටවල රූකඩයක් බවට පත් වෙලා කියලා. ඔහු කියන්නේ ඇයට ඇත්තටම ඔය කියන තරම භයානක විදියට වෙඩි වැදුනෙත් නැහැ. ඔක්කොම රැවටීම් කියල. මේ ඇගේ උපන් රටේ අයගේ මතය පමණයි. (නදී)
මොනවා වුණත් ඇය වීර දැරියක් (නි)
ලබන වසරේ ඔබටද යම්කිසි විශේෂ ක්‍රමවේදයක් යටතේ මෙවැනි ත්‍යාගයක් ලැබීමට වාසනාව ලැබේවා.(හේ)
ඉරාකයට,ලිබියාවට,සුඩානයට,ඇෆ්ඝනිස්තානයට,පාකිස්තානයට සහ සිරියාවට බෝම්බ දැම්ම ඔබාමාත් නොබෙල් සාම ත්‍යාගලාභියෙක්.(හේ)
මේ ළමයා ගැන සමහර පකිස්තානුවන්ගේ එතරම් පැහැදීමක් නැහැ. බටහිර රටවල අතකොළුවක් වෙලා කියලයි ඔවුන් කියන්නේ. (නි)
ඔන්න තවත් එක නාඩගමක් (අ)
නවිපිල්ලේ නෝනට දෙන්න කියලා අපි නිර්දේශ කරා. කරා ලැබුනේ නැත්තේ ඇයිද දන්නේ නැහැ. (නදී)
නොබෙල් ත්‍යාගය ආසියාවට මහත් ගෞරවයක්. (හේ)
නොබෙල් කමිටුව මෑතක ඉඳල සාම ත්‍යාගය දෙන්නෙ දේශපාලනීය කරන ලද චරිත වලටනේ.(හේ)
නොබෙල් ත්‍යාගය ආසියාවට ලැබීම ගැන ආඩම්බරයට කරුණක්.(හේ)
ඔබ හරියටම හරි සිල්වා, අපේ ජනාධිපති තුමා බොදුබල සේනාව හරහා දියත් කර තිබෙන ජාතින් අතර සංහිදියා වැඩපිළිවෙල මෙන්ම, මියන්මාරය වැනි ප්රජාතන්ත්රවාදය ඉතාම ඉහලින්ම ක්‍රියාත්මක වෙන රටක දේශපාලන ක්‍රමය ශ්‍රී ලංකාවේ ද ක්‍රියාත්මක කිරීම තුල, දැඩි ඒකාධිපති පාලනයක් පවතින යුරෝපය සහ ඇමරිකාව වැනි රටවලට දෙන දැඩි ප්රජාතන්ත්රවාදී පණිවිඩය තුල අනිවාර්යයෙන්ම අපේ ජනාධි පති තුමාට මේ නෝමන් ගේ ත්‍යාගය හිමිවිය යුතුයි. (අ)
මලාල දැරිය අනිත් රටවල රූකඩයක් කියලා. ඔන්න ඕක තමයි දුප්පත් හින මානසිකත්වයක් තියන මිනිසුන් ඉන්න තුන්වෙනි ලෝකයේ රටවල මිනිසුන් හිතන විදිහ.(හේ)
මලාලාගේ වැඩ වලට අකමැති බොහෝදෙනෙක් සිටින එක එත්තක් නමුත් කාන්තා අධ්‍යාපනයට විරුද්ද දැඩි පිරිමි ආදිපත්යක් තියෙන රටක මලාලාගේ කැපකිරීමට සාදාරණයක් වුනා කියලා මටනම් හිතෙන්නේ(දිල්)
පාකිස්ථානය කවදද කාන්තාවන්ට ගරු කළේ. (හේ)
ත්රස්තවාදීන්ට මරු කනේපහරක් .මලලා දැරියට දෙව්පිහිටයි (අ)
තේරීම නිවැරැදියි.(හේ)
පකිස්ථානය කියන්නෙත් අපේ අයගේ වර්ගයේ මොලගෙඩි තිබෙන මිනිස්සු ඉන්න රටක්නේ. බුද්ධිමත්ව, මධ්‍යස්තව හිතන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. අන්තවාදී දුර්දාන්ත අදහස් වලින් පිරුණු, පුහු මාන්නයෙන් හිස උදුම්මා ගත් මාන්නක්කාර "බහුතරයක්" සිටින රටක් තමයි වර්තමාන පකිස්ථානය. මලාලා වැනි වීර චරිතයක් හිමි දැරියකට එහෙව් රටක ජනතාවකට අගයක්,වටිනාකමක් තියේවිද? ඒකනේ අද පකිස්ථානයට ඔහොම වෙලා තියෙන්නේ....මලාලා වැනි වීර දැරියන් අපේ රටෙත් බිහිවේවා යැයි ප්‍රර්ථනා කරමි!! (අ)
2014 සාමය සඳහා වු නොබෙල් ත්‍යාගයෙන් හිමි වු ලාලා යුසෆ්සායි සහ කයිලාෂ් සත්යාර්ති යන දෙදෙනාට සුභ පැතුම්. (නදී)