නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)
 
ප්‍රතිකාර නොමැති මාරක වයිරසයක් වන නිපා නැමැති වයිරසය හේතුවෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දස දෙනකු මරුමුවට පත්ව ඇතැයි වාර්තා වේ. 

දුර්ලභ වයිරසයක් ලෙස හඳුන්වන මෙම වයිරසයට මෙතෙක් එන්නතක් නිර්මාණය කර නැත.
 
අධික උණ වයිරසයේ රෝග ලක්ෂණයකි. රෝගී වූ පුද්ගලයන් දස දෙනකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් සියයකට ආසන්න පිරිසක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව පැවසේ. 
 
ඔවුන්ගෙන් බොහෝ දෙනා සහ තවත් 90කට ආසන්න පිරිසක් ඔවුන්ගේ නිවස්වලම නිරෝධායනයට ලක් කර ඇතැයි ද කේරළ බලධාරීහු ප්‍රකාශ කළහ. 
 
තවත් තිදෙනකු මෙම වයිරසයට ගොදුරු වී ඇති බවත් ඔවුන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. 
 
නිපා වයිරසය සතුන්ගෙන් මිනිසුන්ට බෝ වන ආසාදනයක් වන නමුත් වවුලන් ස්වභාවයෙන්ම මෙම වයිරසය දරන බව පැවසේ.  

055