ඉතාලියේ නාපොලි බෞද්ධ විහාරය නපොලියේ ක්යියානෝ කුඩා නගරයේ සකලාංග සපුරා පිබිදෙමින් පවතින්නේ ශ්‍රී ලාංකික අබිමන මහත් කරමිනි . නාපොලි බෞද්ධ විහාර කඨින පිංකම නොවැම්බර් 21 ,22 දෙදින සිදු කිරීමට නියමිත බව විහාරාධිපති පනංගල වජිරඥාන හිමියෝ සඳහන් කළහ.
අලංකාර විහාර මන්දිරය ,රන් වැට සහිත බෝධීන් වහන්සේ ,ගන්ඨාකාර සෑ රදුන්,වළාකුළු බැමි ,ගන්ඨා කුළුණු ආදී සකලාංග අද සපිරෙමින් පවතී .මේ වූ කලී විහාරාධිකාරි පනංගල වජිරඥාන හිමියන්ගේ අප්‍රතිහත දිරියෙන් කෙරුණු අන්තර්ජාතික මෙහෙවරකි.
නාපොලි බෞද්ධ විහාරය මෙහෙවර සිංහල බොදුණු පිරිසට පමණක් ම ඇරුණක් නොවේ. බොදුනු කිතුනු මහමදුනු සියල්ලනට ද සිංහල දමිළ ඉතාලි ආදී නොයෙක් ජාතීනට ද පන්සල් බිමේ සෙවණ සැලසේ. නාපොලි බෞද්ධ විහාර මෙහෙවර පිළිබඳව පනංගල වජිරඥාන හිමියෝ මෙසේ අප දැනුවත් කළහ .
නාපොලි බෞද්ධ විහාර ආගමික මෙහෙවර ගැන සඳහන් කළොත් ,සීල සමාදාන ,බෝධි පූජා ,ළමයින් සඳහා දහම් පාසල්,ආදී කටයුතු ඉටු කරනවා.අපට සිටිනවා තුන් හාර දහසක පමණ බොදුනු දායක පිරිසක් කඨින පිංකම, වෙසක් උලෙළ , පොසොන් උලෙළ ,හිසතෙල් ගැමේ උලෙළ වැනි දිනෙක හාරපන් දහසක් පමණ දෙනා එක්රැස් වන වග කිවහැකිය .
දහම් පාසලේ බොදුනු සිසු දරුවන් පනස් දෙනකු පමණ ඉගෙන ගන්නවා. ගුරු මණ්ඩලයේ සයදෙනකු පමණ සේවයේ යෙදෙති. ඉතාලි පාසල් දරුවන් එම ගුරු භවතුන් විසින් විහාරයට වරින් වර ගෙන එනු ලබනවා. ඒ සිසුන් අප විසින් භාවනාවේ හික්මවනු ලබනවා. සති අග නාපොලි විහාරයට පිය නඟන කාට වුවත් දිවා භෝජනයෙන් සංග්‍රහ කරන්නට අප අමතක කරන්නේ නෑ .අපේ ඉරුදින හෝ පෝදින හෝ දිවා භෝජන සංග්‍රහයට දෙසිය පනහක් තුන්සියයක් පමණ අමුත්තන් හිඳ ගැනීම සමාන්‍ය දෙයක්. පන්සලේ පොත්ගුල ඉතාලි පාලි සිංහල ආදී නෙක බසින් යුතු පොත්පත් කියවන පිරිසට ද අපේ මෙහෙවර ඉටුවෙනවා.
විහාරාධිපති පනංගල වජිරඥාන හිමියන්ගේ ගුරුහිමියන් වහන්සේ පරවාහැර චන්දරතන හිමි හා පරවාහැර නාහිමියන්ගේ ඇරයුමින් වජිරඥාන හිමියෝ යුරෝපයට වැඩම කළහ. නාපොලියයට පැමිණ නව වසරක පමණ වෙහෙසකින් පසුව මේ තරමට පන්සල ගොඩනගන්නට හැකිවිය.
![12118862_910495922364248_667736232183694069_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/12118862_910495922364248_667736232183694069_n1.jpg)
![10924162_981282291900191_3877443899017943840_o[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/10924162_981282291900191_3877443899017943840_o1.jpg)
![11228542_1122744487753970_5068679028207624904_o[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/11228542_1122744487753970_5068679028207624904_o1.jpg)
![11891875_10205350952036380_8235203186008635942_o[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/11891875_10205350952036380_8235203186008635942_o1.jpg)
![12028693_1142062312488854_5359423212849651132_o[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/12028693_1142062312488854_5359423212849651132_o1.jpg)
![12109072_1907514966140879_5254616926974833369_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/12109072_1907514966140879_5254616926974833369_n1.jpg)
![IMG_1592[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/IMG_15921.jpg)
![IMG_1595[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/IMG_15951.jpg)
![IMG_1597[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/IMG_15971.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්! (නි)
බුදු සසුන බැබළේවා! (නි)
හරිම සන්තෝෂයි. සාදු සාදු සාදු!!! (නි)
ඉතාම සුන්දර දසුනක්. අපේ හිමිවරු විදේශවල කරන සේවයට මගේ ගෞරවය. බෝධීන් වහන්සේ නමක් විදේශ රටක රෝපණය කිරීමට ඇති හැකියාව දැන ගැනීමට මම කැමතියි. බිජ පනත වැනි නීතිමය ගැටළු එහිදී නිරාකරණය කොටගෙන බෝධි අංකුරයක් තවත් රටකට ගෙනයන්නේ කෙසේ දැයි දන්නා කෙනෙක් පහදා දෙන්න. (ර)
තෙරුවන් සරණයි ඔබ වහන්සේට! (නි)
නාපොලියේ ඉන්න සියලුම ලාංකිකයන්ට නාපොලි විහාරය මගින් සිදුවන මෙහෙය ඉතාම විශිෂ්ටයි පනංගල වජිරඥාන හිමියන්ට යෝධ බල වීර්ය ලැබේවා (බ)
සාදු ,සාදු, සාදු (බ)
ඔබවහන්සේලා කරන උදාර මෙහෙය ගැන හරිම සතුටුයි (නි)
හරිම ලස්සනයි. (ර)