ඉන්දියාවේ ගාසියාබාද්හී ඇඟළුම් කම්හලක ඇති වූ ගින්නකින් 13 දෙනකු මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.මෙය නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය කම්හලක් බව පොලිසිය කියයි.
සේවකයින් නිදා සිටි අතරේ මෙම ගින්න හටගෙන ඇති බවත් තුවාල ලැබූ තිදෙනෙක් රෝහලේ ප්‍රතිකාර ලබන බවත් කියති.
විදුලි කාන්දුවක් නිසා ගින්න හටගෙන ඇතැයි බලධාරීහු පවසති.ගින්න නිවීමට පැය කිහිපයක් ගත වූ බව ගිනි නිවීමේ දෙපාර්තුමේන්තුව කියයි.
නඩත්තු කිරීමේ දුර්වලතාවය හා ආරක්ෂක පද්ධතියේ ඇති දුර්වලතාවය නිසා ඉන්දියාවේ බොහෝ කම්හල් වල ගිනි හටගනී.
(ඡායාරූප-රවී චෞද්රී/එච්.ටී)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd