IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


නොත්‍රදාම් දේවස්ථානය ප්‍රතිනිර්මාණය කරන්න ගෘහ නිර්මාණ ශිල්පීන්ට ආරාධනයක්

ගිනිගෙන දැවුණු ඓතිහාසික නොත්‍රදාම් දේවස්ථානය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ප්‍රංශය ජාත්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පීන්ට විවෘත ආරාධනයක් කළේය. 

ඉකුත් සඳුඳා (15) සිදු වූ ව්‍යවසනයෙන් වසර සියවස් ගණනක් පැරැණි නොත්‍රදාම් දේවස්ථානයේ වහළ සහ දේවස්ථානයේ කුලුන සම්පූර්ණයෙන් විනාශයට පත්විය. ගින්නෙන් විනාශ වූ කොටස් ප්‍රතිනිර්මාණය කිරීමේදී නොත්‍රදාම් දේවස්ථානයේ කුලුන පැවැති සම්ප්‍රාදයික ආකාරයටම නිර්මාණය කරන්නේ ද නැතහොත් ඊට නූතන ගෘහ නිර්මාණ ශිල්පයේ ලක්ෂණ එකතු කරමින් නිර්මාණය කරන්නේ ද යනුවෙන් ද ප්‍රංශය ලෝකයෙන් විමසීය.

ප්‍රංශයේ ජාතික සංකේතයක් මෙන්ම පැරිස් නුවර හදවත බඳු වූ නොත්‍රදාම් දේවස්ථානය වසර පහක් ඇතුළත නැවත ගොඩනගන බව ද එරට ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ප්‍රංශ ජනතාවට සහ ලෝකයට පොරොන්දුවක් දුන්නේය. 

කෝටිපතියන්, ජාත්‍යන්තර සමාගම්, දේශීය සමාගම්, දානපතිනයන් ඇතුළු විශාල පිරිසක් දේවස්ථානය නැවත ගොඩනැගීමට මූල්‍ය සහ විශේෂ සහාය ලබාදීමට පොරොන්දු වී තිබෙන අතර පෙරේදා (17) වනවිට දේවස්ථානය නැවත ගොඩනැගීමේ කටයුත්ත වෙනුවෙන් යූරෝ මිලියන 900ක් මුදලක් ලැබෙන බව වාර්තා විය. 

මීට වසර 200කට පෙර 12 වැනි සියවසේ මැද භාගයේදී ඉදි කෙරුණු නොත්‍රදාම් දේවස්ථානය 1800 මැද භාගයේදී ප්‍රතිසංස්කරණයකට ලක්විය. එම ප්‍රතිසංස්කරණවල ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා වූ ඉයුජීන් වියෝලේ ල දියුක් ප්‍රතිසංස්කරණවලදී දේවස්ථානයේ වහළයට කුලුන එක් කරන ලදි. 

“දේවස්ථානය ප්‍රතිනිර්මාණය කිරීමේදී කුලුන පැවැති අයුරින්ම නිර්මාණය කරනවාද නැතහොත් නව ආරකින් ඉදි කරනවාද කියා බලන්න ඕනේ. ජාත්‍යන්තර තරගයක් පැවැත්වීමෙන් අපට ඊට පිළිතුරු සොයාගන්න පුළුවන්” ප්‍රංශයේ අගමැති එඩුවාඞ් පිලිපේ පැවැසීය. 

“කුලුන පැවැති අයුරින්ම ඉදි කරනවාද ? නැතහොත් නොත්‍රදාමයේ කුලුන අපේ යුගයේ තාක්ෂණය සහ අභියෝග විදහා දැක්වෙන අයුරින් ඉදි කරනවාද ?” යන ප්‍රශ්නයට පිළිතුරු සොයාගත යුතු බව ද හෙතෙම කීය. 

රොයිටර් ඇසුරිනි 

055



අදහස් (0)

නොත්‍රදාම් දේවස්ථානය ප්‍රතිනිර්මාණය කරන්න ගෘහ නිර්මාණ ශිල්පීන්ට ආරාධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 332 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 424 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 396 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site