IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


ධවල මන්දිරයේ කොරෝනා බියක්

එන්නත් මාත්‍රා දෙකම නියමිත පරිදි ලබාගත් ධවල මන්දිර නිලධාරියකුට 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී ඇතැයි ජනාධිපති ජෝ බයිඩන්ගේ මාධ්‍ය ප්‍රකාශිකා ජෙන් සාකී පවසා තිබේ.

'මා දැනුම් දෙන්න කැමතියි, අනුමත කළ එන්නත් මාත්‍රා නියමිත පරිදි ලබා ගත් ධවල මන්දිර නිලධාරියකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා. ඔහු ජනාධිපති ජෝ බයිඩන් හෝ ධවල මන්දිරයේ ඉහළ පෙළ නිලධාරීන් සමඟ සම්බන්ධ වූ තැනැත්තෙක් නොවෙයි.' යැයි මාධ්‍ය ප්‍රකාශිකා ජෙන් සාකී පැහැදිලි කර තිබේ.

අදාල නිලධාරියා සහ ඔහුගේ ආශ්‍රිතයන් හඳුනා ගෙන ඇති බවත්, ඔවුන් නිරෝධායනයට යොමු කළ බවත් පැවැසෙයි. ආසාදිත නිලධාරියාගෙන් සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් හැර වෙනත් කිසිදු රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකරන බව ද පැවැසෙයි. එම නිලධාරියා කොරෝනා පරීක්ෂණයකට යොමු කර ඇත්තේ ද මෙම සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය හේතුවෙනි. ආසාදිතය නිලධාරියාගේ අනන්‍යතාව මෙතෙක් මාධ්‍යවෙත අනාවරණය කර නැත.

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් සහ මරණ වැඩිම රට ලෙස තවමත් සැලකෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඇමෙරිකාවේ අවුරුදු 12 ට වැඩි සියලු දෙනාට එන්නත් ලබා දීම සිදුවෙමින් පවතී. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අන්දමට ඇමෙරිකාවේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 68 කට වඩා වැඩි පිරිසක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇත.

එන්නත් ලබාගෙන තිබියදී 'කොවිඩ්19' වයිරසය සහ එහි විකෘති ප්‍රභේද ආසාදනය වීමේ ප්‍රවණතාවක් පවතී. එසේ වුවත්, කොරෝනා වයිරසය නිසා ඇතිවන සංකූලතා අවම කර ගැනීමටත්, රෝහල්ගතවීමට සිදුවීම සහ මරණයට පත්වීම වළක්වා ගැනීමටත් එන්නත්වලට හැකියාව ඇති බව සෞඛ්‍ය අංශ දිගින් දිගටම පෙන්වා දී තිබේ.

මේ වනවිට ඇමෙරිකාවෙන් වාර්තා වන සියයට 80 කට වැඩි කොරෝනා ආසාදිතයන්ට ආසාදනය වී ඇත්තේ 'ඩෙල්ටා' ප්‍රභේදය යැයි ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.

(රොයිටර්)



අදහස් (0)

ධවල මන්දිරයේ කොරෝනා බියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 911 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1001 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 397 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site