මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් සහ යාත්‍රා වහා නිදහස් කරගැනීමට මැදිහත් වන ලෙස තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි ඉන්දීය ඒ.එන්.අයි පුවත්සේවය අද (05) වාර්තා කළේය.
ලිපියක් යොමුකරමින් ඇය පෙන්වා දී ඇත්තේ මේවන විට ශ්‍රී ලංකා බලධාරීන් බාරයේ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු සහ ධීවර යාත්‍රා 90ක් සිටින බවත් ඔවුන් හැකි ඉක්මනින් මුදා හරින ලෙසට එරට රජයේ බලධාරීන්ට බලකරන ලෙසය.
පසුගිය දින කිහිපයේදී ද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ජයලලිතා ජයරාම් මහත්මිය අග්‍රාමාත්‍යවරයා වෙත පෙන්වා දී තිබේ.
COMMENTS
මහා තාක්ෂණික දියුණුවක් ගැන කතාකරන යුගයක, අනුන්ගේ රටක මාළු හිඟාකන්න ඇවිල්ලා දැන් නාහෙන් අඬනවා. නරකද නවීන තාක්ෂණය භාවිතා කරලා මුහුදු සීමා දැනගන්නා උපකරණ සවිකර දුන්නොත් මහා ඇමතිතුමියනි. (නි)