දහදිය මගින් විදුලිය නිපදවීමේ ක්‍රමයක් හදුන්වාදීමට ඇමරිකාවේ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.
සම මත ඇලවෙන විශේෂ පැලැස්තර කැබැල්ලකින් මෙසේ දහඩියෙන් විදුලිය උකහා ගැනෙන බව ඔවුහු පවසති.
මෙහි ක්‍රියාවලිය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් දහඩියේ ලැක්ටේට් නම් වන සංයෝගයක් තිබෙන අතර මෙම ප්ලාස්ටරයේ ඇති විශේෂ එන්සයිමයක් මගින් සිදුවන්නේ එම ලැක්ටේට් බිද හෙළා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමයි.මෙම ඉලෙක්ට්‍රෝන එකතු කර අන්තිමේදී විදුලි ධාරාවක් නිපදවාගැනීම සිදුවේ.
ලැක්ටේට් යනු සිරුර වෙහෙසා වැඩෙහි යෙදීමේදී නිපදවෙන සංයෝගයකි.වෙහෙසීමේදී සිරුරට තව තවත් ශක්තිය අවැසිය.මෙවිට ග්ලයිකොලිසිය නම් ක්‍රියාදාමයක් සිරුරේ ක්‍රියාත්මක වන අතර ග්ලයිකොලිසියෙන් ශක්තියත් අතුරුඵලයක් ලෙස ලැක්ටේටුත් ප්‍රතිඵල ලෙස ලැබේ.
මෙනිසා කායවර්ධකයින් හා මලල ක්‍රීඩකයින් වැන්නන් තම සිරුරේ ලැක්ටේට් ප්‍රමාණය ගැනද අවධානයෙන් සිටී.මන්ද වැඩි ලැක්ටේට් ප්‍රමාණයක් නිපදවීම යනු වැඩි ශක්ති ප්‍රමාණයක් සිරුරේ ජනනය වී තිබීමයි.
වෛද්‍ය විද්‍යාවේදී අධි ලැක්ටේට් ප්‍රමාණයක් සිරුරේ රැදී පැවතීම හෘද හා පෙනහලූ ආබාධ වලට මුල් වන්නක් බව සොයා ගෙන ඇත.
කෙසේ වුවත් නිරෝගී පුද්ගලයෙකුගේ සිරුරේ නිපදවෙන ලැක්ටේට් සිරුරින් බැහැර වේ.දහදිය ඔස්සේ බැහැරවීම ප්‍රධාන ආකාරයකි.
දැනට මෙසේ දහදියෙන් බැහැර කෙරෙන ලැක්ටේට් ආධාරගෙන විදුලිය නිපදවීමේ සමත් පැලැස්තරයෙන් ලබාගත හැක්කේ මිලිවොට් ගණනක විදුලියක් බව සදහන්ය.
පර්යේෂකයින්ගේ අරමුණ පැලැස්තරය තවදුරටත් වැඩිදියුණු කර ඇවිදීමේදී, ව්‍යායාම කිරීමේදී වැනි සිරුර වෙහෙසා කරන කටයුතු වලදී නිපදවෙන දහඩියෙන් ජංගම දුරකථන වැනි උපකරණයන් ආරෝපණය කර ගැනීමට හැකි තරමේ විදුලියක් නිපදවා ගැනීමයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේවාවිතාරනගේ දැනුමේ හැටි (නදී)
එහෙනම් ඉතින් අනාගතයේදී විදුලි බලයෙන් අඩුවක් වෙන එකක් නැහැ. (නි)
හේවාවිතාරණ , රොනී, මේ වගේ දේවල් ලංකාදීපේ දමන්නේ අලුත් දැනුම තමන්ගේ පාඨකයන්ට දෙන්න. ඒ වගේ දේවල් උපහාසයට ලක් කරලා තමන්ගේ නොදන්නාකමේ නිරුවත අනිත් අයට පෙන්වන්න එපා (නි)
හේවාවිතාරණ.... හොදට කියවල බලන්න.. මේ කියන්නේ ජලවිදුලිය ගැන නෙමේ. කාගෙ හෝ නව සොයාගැනීමක් අපි අගේ කල යුතුය. (දී)
දහදියෙන් විදුලිය නිපදවන්න දවසකට ශරීරයෙන් දහදිය බැරල් එකක් විතර ගලන්න වෙයි. (අ)
ශෝක් නෙව. තමන්ගේ විදුලිය තමන්ටම නිපදවා ගන්න පුලුවන් එතකොට. මේ විදිහට ගුවන් විදුලියත් නිපදවා ගන්න බැරිවෙන එකක් නැහැ (නදී)
අනාගතයට හොදයි (දී)