IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘දෝෂාභියෝගය ගැන ධවල මන්දිරයේ ප්‍රකාශය වැරදියි’

 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ හෝ ඔහුගේ පරිපාලනය හෝ කාර්යමණ්ඩලය හෝ දෝෂාභියෝග ක්‍රියාවලියට සහාය නොදෙන බව දන්වමින් ධවල මන්දිරය එවන ලද ලිපිය ‘පැහැදිලිවම වැරැදි’ බවත් එය ‘කරුණු සැඟවීමට ගන්නා ලද තවත් නීතිවිරෝධී උත්සහායක්’ බවත් නැන්සි පෙලොසි මහත්මිය සඳහන් කළාය.

දෝෂාභියෝගයට අදාළව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව කෙරෙන විමර්ශනවලට කිසිදු ආකාරයකින් සහාය නොදෙන බව ධවල මන්දිරය නිල වශයෙන් නිවේදනය කිරීමෙන් අනතුරුව නැන්සි පෙලොසි ඒ බව කීවාය.

“ජනාධිපතිතුමනි, ඔබ නීතියට ඉහළින් නෙමෙයි. ඔබ වගවිය යුතු” යැයි පෙලොසි තදින් ප්‍රකාශ කළාය.

“ඇමෙරිකානු ජනතාවගෙන් ලැබුණු ජනාධිපති බලය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳ සත්‍ය සැඟවීමට දිගින් දිගටම ගන්නා උත්සහාය, බාධා කිරීම පිළිබඳව තවදුරටත් ලැබෙන සාක්ෂියක් ” යැයි ඇය අනතුරු ඇඟවූවාය. නැන්සි පෙලොසි ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකාව ද වන්නීය.

ඇමෙරිකානු ජනාධිපතිවරයාත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයත් අතර ඇති වී තිබෙන මෙම අර්බුදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් දක්වා දිග්ගැස්සෙනු ඇතැයි පැවසේ. එය එසේ වුවහොත් අධිකරණ පද්ධිතයේ කටයුතු අඩපණ වීමේ අවදානමක් තිබෙන්නේ යැයි ද ඇතැම්හු පවසති. ඇමෙරිකාව මේ වනවිට 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයට සූදානම් වෙමින් සිටී.

(ඒ.එෆ්.පී) 
 055



අදහස් (0)

‘දෝෂාභියෝගය ගැන ධවල මන්දිරයේ ප්‍රකාශය වැරදියි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 83 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 880 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site