දේශගුණික විපර්යාස නොසලකා හරින මිනිසුන් සියලු දෙනා අනුවණයන් යැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පැවසූහ.
‘ඉර්මා’ සුළිකුණාටුවෙන් සිදු වූ විනාශය හා පීඩාවට පත්වූ ජනතාව හමුවීමට යෑමට ගුවන් යානයට ගොඩ වී මාධ්‍යවේදීන් අමතමින් පාප්වහන්සේ ඒ බව කීහ.
“මිනිස්සු මෝඩයි, ඔබට දෙයක් දකින්න ඕනේ නැති වුණාම, ඔබට එය පෙනෙන්නේ නැහැ” යැයි ක්‍රිස්තියානි බයිබලයේ පළමු කොටස වන පැරැණි තෙස්තමේන්තුවේ කොටසක් උපුටා දක්වමින් පාප්වහන්සේ පවසා තිබේ.
පාප්තුමෝ කොලොම්බියාවේ සිට නැවත පැමිණෙන අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙන අතර ප්‍රංශ පුවත් සේවයට අමතරව නිව්යෝක් ටයිම්ස් පුවත්පත සහ ඒ.පී පුවත් සේවය ද ඒ බව තහවුරු කර තිබිණි.
දේශගුණ විපර්යාස මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා සිදු නොවූවක් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළ අතර දේශගුණ විපර්යාස අවම කිරීමට අත්සන් තබන ලද ‘පැරිස් ගිවිසුමෙන්’ ඉවත් වන බව ද කීය. පාප්තුමා සහ ඇමෙරිකා ජනාධිපතිවරයා අවස්ථා කිහිපයදී විවිධ කරුණු සම්බන්ධයෙන් පරස්පර මත දැරූහ.
“දේශගුණ විපර්යාස පිළිනොගන්නා පිරිස් විද්‍යාඥයන්ගෙන් ඒ දේවල් අසා දැන ගත යුතුයි. ඔවුන් ඒ සම්බන්ධයෙන් නිශ්චිතවම කියා දේවි. ඔවුන් කරුණු පැහැදිලි කරාවි. මානව ක්‍රියාකාරකම් නිසා දේශගුණ විපර්යාස ඇතිවන බව ඔවුන් කියාදේවි. දේශගුණ විපර්යාස අවම කිරීමට ලොකු පොඩි හැමෝටම වගකීමක් තිබෙනවා. දේශගුණ විපර්යාස කියන්නේ අප හමුවේ තිබෙන විශාල අර්බුදයක්. ඒ ගැන විහිළු කරන්න බැහැ” යැයි පාප්තුමෝ කීහ.
දේශගුණ විපර්යාස මැඬීමේදී ලෝක දේශපාලන නායකයන්ගේ වගකීම සම්බන්ධයෙන් ද මෙහිදි ජනමාධ්‍යවේදිහු පාප්තුමන්ගෙන් විමසූහ.
“ඉතිහාසය මෙම තීරණ ගැන තීරණ ගනිවි. දේශගුණ විපර්යාස මැඬීමට කටයුතු නොකළහොත් අපි විනාශ වේවි” යැයි පාප්තුමෝ කීහ.
(ඒ.එෆ්.පී-055)

COMMENTS
නොපෙනෙන දෙවියන් අදහන්නෙත් අණුවනයින් තමයි. හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ කැමැත්ත කියා යදින එක තමයි කරන්නේ. ගෙදර ප්‍රධාන අදායම් මාර්ගය වන තාත්තා මැරුණත් දෙවියන්ගේ කැමැත්ත. එතකොට දෙවියෝ දන්නේ නැහැ ගෙදර අනිත් මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියල. මොකද එයා දරුවන්ට අහසෙන් ද කෑම ලැබෙන්නේ ගෙදට්ට. මේ සියල්ල අන්ධ විශ්වාස ගල් යුගයේ අදහස්. නුතන යුගයේ මිනිසුන් දැන් දැන් මොකද්ද? නියම යථාර්තය සහ සත්ත්‍ය මොකද්ද කියන එක ටික ටික තේරුම් ගනිමින් සිටිනවා.විශේෂයෙන්ම බටහිර රටවල් වල මිනිස්සු. මෙහෙ කට්ටියනම් කෑම වේලටත් සත්ත්‍ය අතහැර තමන්ගේ වාසියට නොපෙනෙන දෙවියන් පසුපස ගොස් දෙලොවක් අතර තනි වෙලා අන්දකාරයේ අතපත ගානවා
ඇත්තටම, මෙහෙම ගියොත් වෙන්නේ මොනාද කියලා, කාලෙකට පෙර ප්‍රදර්ශනය වුන, THE DAY AFTER TOMMOROW , ෆිල්ම් එකේ පෙන්නුවා.