ගුරුවරුන්, පාසල් දරු දැරියන් ඇතුළු 350 දෙනකු සමඟ යාත‍්‍රා කරද්දී මුහුදේ ගිලූණු පැපුවා නිව්ගිනි මගී පාරුවේ සිරවූවන් බේරා ගැනීමේ මෙහෙයුම් ඊයේ (3) දවස පුරා කි‍්‍රයාත්මක වූ අතර අයහපත් කාලගුණයෙන් ඊට බාධා එල්ල විය. ‘එම් වී රබෝල් ක්වීන්’ නමැති එම මගී පාරුව (මගී නැව) පෙරේදා (2) රාති‍්‍රයේ පැපුවා නිව් ගිනියාවට ඔබ්බෙන් මුහුදේ පෙරළී ගිලී ගියේ ප‍්‍රචණ්ඩ රළ පහරකට හසුවීමෙනි. සැඬ රළ පහරට හසුවෙද්දී පාරුව, කිම් දූපතේ සිට ප‍්‍රධාන වරාය නගරය වන ලා තෙක් යාත‍්‍රා කරමින් තිබුණු බව වාර්තා වේ. පාරුවේ ගමන් කළ වැඩි දෙනා පුහුණු ගුරුවරුන් සහ සිසුදරු දැරියන් යැයි පැපුවා නිව්ගිනියා රජය පවසයි. පාරුව අනතුරට පත්වූ සැණින් අසල මුහුදේ යාත‍්‍රා කරමින් තිබූ වෙළෙඳ නැව් තුනක් පාරුව වෙත පැමිණ එහි සිටි පිරිස බේරා ගත් බව වාර්තා වේ. පැපුවා නිව්ගිනි වෙරළාරක්ෂක නිලධාරීහු ද වහ වහා ‘රබෝල් ක්වීන්’ නැව වෙත ළඟා වූහ. නැව ගිලී යද්දී සියයකට වැඩි පිරිසක් ඒ තුළ සිරවී සිටි බවත් ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ බවත් වාර්තා විය. අනතුරින් දිවි ගලවා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ 230 දෙනකුට පමණි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලගුණෙත් පිහිටක් නෑ වෙග්..