IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දිල්ලි නුවර දැඩි උණුසුම් කාලගුණයක්

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි ඇතුළු ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අධික ලෙස ඉහල ගොස් ඇතැයි වාර්තා වේ.

ඊයේ (26) දිල්ලි නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 47.6ක් දක්වා ඉහල ගිය අතර රාජස්ථාන් ප්‍රාන්තයේ චුරු නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ක් ලෙස දැක්විණ.

කාළගුණික අංශ පවසන්නේ උණුසුම් වායු ධාරාවක් හමා යෑම හේතුවෙන් මේ තත්ත්වය උදාවී ඇති බවයි.

පසුගිය සතියේ ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශ හරහා හමා ගිය අම්ෆන් සුළි කුණාටුවේ අතුරු බලපෑමක් ලෙස උෂ්ණත්වය ඉහල යෑම සිදුවී ඇතැයි ද ඔවුහු පවසති.

මෙය දශක ගනනාවකට පසු දක්නට ලැබුණු ඉහලම උෂ්ණත්ව වැඩිවීම බව කාළගුණ අංශ වැඩිදුරටත් සඳහන් කරයි.

සෑම විටම නිවෙස් තුළට වී සිටින ලෙසත් ජලය වැඩිපුර පානය කරන ලෙසත් ජනතාවට උපදෙස් දි තිබේ.

ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ කොවිඩ් - 19 වසංගතයට ගොදුරු වී ඇති අතර තවත් සමහර ප්‍රදේශ පළඟැටි උවදුරෙන් ද පීඩා විඳින බව මාධ්‍ය වාර්තා කර තිබේ.

(බීබීසී ඇසුරිණි - 085)
 



අදහස් (0)

දිල්ලි නුවර දැඩි උණුසුම් කාලගුණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site