'කොවිෂීල්ඩ්' එන්නත් තොග අවසන් වී ඇති බැවින්, දිල්ලියේ එන්නත්කරණ කටයුතු මේ වනවිට අඩපණ වී ඇතැයි ප්‍රාන්ත නියෝජ්‍ය මහ ඇමැති මනීෂ් සිසෝසියා මාධ්‍ය හමුවේ පවසා තිබේ.
'කොවිෂීල්ඩ්' යනුවෙන් හැඳින්වෙන්නේ, ඉන්දියාවේ නිපදවන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නතය. මෙය නිපදවන්නේ පූනේ නුවර පිහිටි 'සේරම්' ආයතනයයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 'වැක්සින් මෛත්‍රී' වැඩසටහන යටතේ, විදේශවලට නොමිලේ බෙදා දීම සිදුවූයේ ද මෙම 'කොවිෂීල්ඩ්' එන්නතය.
දෙවැනි රැල්ල හේතුවෙන් ඉන්දියාවේ ආසාදිතයන් වැඩිවෙද්දී, 'කොවිෂීල්ඩ්' එන්නත් අපනයනය නවතා දැමීමට මෝදි රජය පියවර ගත් අතර, 'සේරම්' ආයතනය නිපදවන සියලු එන්නත් ඉන්දියානුවන්ට පමණක් ලබා දීම සිදුවිය.
ඒ, අනුව අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට එන්නත් දෙමින් ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහන පුළුල් විය.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 30
49
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දිල්ලියේ ’කොවිෂීල්ඩ්’ ඉවරයි