ළමුන්ගේ සහ තරුණයන්ගේ මරණ සිදුවන ආකාරවලින් ප්‍රමුඛතම වන්නේ දියේගිලීම බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත්කළ වාර්තාවක දැක්වේ.
ගෝලීය දත්තයනට අනුව දියේ ගිලීම නිසා ලෝකයේ වසරකට 372,000 වැඩි සංඛ්‍යාවක් මියයති. ඒ අතිරින් වැඩිම ප්‍රමාණයක් වයස අවුරුදු පහට අඩු දරුවෝය. දියේ ගිලීමෙන් ගැහැනුන්ට වඩා දෙගුණයක් පමණ පිරිමි මියයති.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරින් පවසන්නේ ළමාවියේ ජීවිතවල සැඟවුනු මාරයා දියේ ගිලීම බවයි. 2012 වසරේදී වයස අවුරුදු 15 ට අඩු ළමයින්ගේ මරණ වලින් ක්ෂය රෝග සහ සරම්ප වලින් වන මරණ සංඛ්‍යාවට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් දියේ ගිලීමෙන් සිදුව ඇත.
ඔවුන් පවසන්නේ මෙම තත්වය වලක්වා ලීමට වහාම නිසි පියවර ගතයුතු බවයි.
එම දත්ත වලට අනුව දියේ ගිලීමෙන් වඩා වැඩි මරණ සංඛ්‍යාවක් වන්නේ අඩු සහ මධ්‍යම ආදායම් ඇති රටවල් වලය. ඉන් වැඩි ප්‍රමාණයක් අප්‍රිකාවේ, ගිනිකොණ දිග ආසියාවේ සහ පැසිපික් කලාපයේ රටවල් වලින් වාර්තාවේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මාර්ගරට් චෑන් මහත්මිය පවසන්නේ මෑත දශක වල ළමා ආයුෂ ප්‍රමාණය වැඩි ක ලීමෙන් සැලකිය යුතු වාසි අත්පත් කරගෙන ඇතත් ළමා ජීවිත බිලිගන්නා දියේ ගිලීම වැනි සැඟවුණු මාරයන් ද සිටින බවයි. මේ සඳහා පාසැල් කාලයේදීම පිහිනීම ළමයිනට පුරුදු පුහුණු කිරීම, ජලයෙන් ආරක්ෂා විමේ උපක්‍රම කියා දිම වැනි වැඩ සටහන් ක්‍රියාවට නැංවීම වැදගත් බ වද මාගරට් කියන්නීය.
දරුවන් ජල මාරයාගෙන් බේරාගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තරව පිලිගත් නිර්දේශ රැසක් දැනටමත් ඉදිරිපත් කර තිබේ.
COMMENTS
බොහොමයක් පාසල්වල පිහිනීමට පහසුකම් නොමැත. පහසුකම්දීම ඉක්මනින් කළ නොහැක, ඒ සදහා යන විශාල වියදම නිසා. පිනිම අනිවාර්ය කලොත් ළමුන් ගංගා, ඇල, දොළ වල පිහිනීමට යාමෙන් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැක. (හේ)
පාසල් වල පිහිනීම අනිවාර්ය කලානම් හරි(දිල්)
මුතු, කොහෙද පීනන්න උගන්වන්නේ ? ගොඩ නලාද? (නි)