IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


දරුණුම බඹරෙක් සුරතලා වෙයි

ලොව වඩාත් ප්‍රචණ්ඩකාරීම හා රුදුරු සතුන් අතරින් ඉහළම ස්ථානයේ සිටින්නේයැයි සැළකෙන විශාල ජපාන බඹරෙකු තමන්ගේ සුරතලා කරගෙන සිටින පුද්ගලයෙකු ටෝකියෝ නුවර සිටී.

ඔහු තමන්ගේ ට්විටර් හා ෆේස්බුක් වැනි ගිණුම් වලට තම ‘සුරතල්‘ බඹරා තැන් තැන්හි තබා ගත් ඡායාරූපයන් ආදිය එක් කර ඇත.

බඹරාට නූල් කැබැල්ලක් ගැටගසා එය අල්ලාගෙන බඹරාව ‘ඇවිද්දවන‘ බවද ඔහු කියා ඇත.

බඹරාගේ විශ දළ ගළවා ඇති හෙයින් සපා කෑවද තමන්ට හානියක් නැතැයි ඔහු සඳහන් කර තිබේ.

නමුත් බොහෝ දෙනා පවසන්නේ මෙය බොරුවක් විය හැකි බවයි.

ජපාන බඹරුන්ගේ ප්‍රචණ්ඩත්වය හමුවේ මෙසේ ඔවුන් ‘හීලෑ‘ කිරීමට සිතීමටවත් නොහැකි යැයි ඔවුන් පවසයි.

මෙම බඹරුන්ගේ විශ ශරීරගතවූ විට ස්නායු පද්දතියට හානි පමුණුවන බව සොයාගෙන ඇති වැඩි මාත්‍රාවකින් ශරීරගතවුවහොත් හිමිවන්නේ මරණයයි.

සෑම වසරකම ගිම්හානයේදී ජපාන ජාතිකයින් 40 ක පමණ දෙනෙක් මෙම බඹරුන්ගේ දෂ්ඨ කිරීමට ලක්ව මිය යන බවද සඳහන්ය.

මෙනිසාම ජපාන බළධාරීන් බඹරාව ජපානයේ පුද්ගල මරණ වලට හේතූන් ලැයිස්තුවේ දෙවැනි තැන තබා ඇත.පළමු තැන හිමිව ඇත්තේ මිනිසාටය.

මෙම බඹරා දැනටමත් මරණයට පත්ව ඇති සෙයක් පෙනෙන්නේයැයි බඹරා සුරතලෙකු බවට පත්කරගෙන සිටිනා බව කියන මේ පුද්ගලයා පවසන කතා බැහැර කරන බොහෝ දෙනා කියයි.



අදහස් (0)

දරුණුම බඹරෙක් සුරතලා වෙයි

පිටබැද්දර ජයා Thursday, 14 August 2014 11:08 AM

ඔය මොන බඹරුද? අපි අවුරුදු පහෙන් පහට පත්කරගෙන හුරතල් කරන්නේ.... අන්න එයාලනේ ලෝකයේ ඉන්න භයානකම බඹරු (නි)

:       0       0

මංජුල Friday, 15 August 2014 12:17 AM

ඒකත් ඉතින් එක්තරා දක්ෂකමක් තමයි (නි)

:       0       0

ජයත් Thursday, 14 August 2014 06:35 AM

සිම්පල් සමහරු ඕයි ට වැඩිය දරුණු බිරින්දෑවරු සුරතල් කරගෙන ඉන්නේ !(දී)

:       0       0

රොෂාන් Wednesday, 13 August 2014 06:14 PM

බඹර පහස ලබන මලක්දෝ.... (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 14 August 2014 09:34 AM

එවැනි බඹරු ටිකක් සීගිරිය පැත්තට ගෙනත් දැම්මොත් මොකද වෙන්නේ (දී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 14 August 2014 03:45 AM

මොන පිස්සුද , අවුරුදු පහෙන් පහට මාරු කර කර අපි හුරතල් කරන බබරු තරන් නම් විස නැතුව ඇති මොනම බබරෙක්වත් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 84 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 356 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 371 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site