රටවල් දෙකක ඉපදුණු නිවුන් දරුවෝ දෙදෙනෙක් පසුගියදා ඔවුන්ගේ පළමු උපන්දිනය සැමරූහ.

ඞීලන් ජෝශප් එංගලන්යෙදි උපත ලද අතර ඔහුගේ නැගණිය හැනා රෝස් උපන්නේ ස්කොට්ලන්ත දෙශසීමාවට එපිටිනි.

මීට වසරකට පෙර දරුවන්ගෙ මව වන කීනන් ප්‍රසව වේදනාවෙන් පසුවු නිසා ඇයගේ ස්වාමියා වු ජෝ ෆොක්ස් ගේ මවගේ නිවසට ගොස් ඇත. එහිදි ඔවුහු 2012 යුරෝ කුසලාන අවසාන මහා තරගයද නැරැඹුහ.

තරගය නරඹමින් සිටින අතරතුර ඇගේ ප්‍රසව වේදනාව වැඩි වී ඇති අතර එහිදි වැඩි මහල් පුතු වන ඩිලන් උපන්නේය.

අනුපූරක වෛද්‍ය සේවා ලබාගෙන ඩිලන් හට උපත ලබා දුන්නද දරුවා නියමිත වේලාවට  කලින් උපන් ලැබූ නිසා ඊළග දරු උපත සදහා රෝහලකට යා යුතු බව වෛද්‍යවරු කීය.

ඔවුන් පැයක පමණ දිගු ගමනකින් පසු ස්කොට්ලන්ත දේශසීමවේ පිහිටි මෙල්රෝස් රෝහලට පැමිණ ඇත.

හැනා හෙවත් කීනන මහත්මියගේ දෙවැනි නිවුන් දරුවා උපත ලබා ඇත්තේ පළමු නිවුන් දරුවාගේ උපතෙන් පැයකුත් විනාඩි 45කට පසුවයි.

දරුවාගේ පියා වන ජෝ ෆොක්ස් 25 මහතා පවසන්නේ තමන් පාපන්දු රසිකයකු බවය. දරුවන් දෙදෙනා ලොකු මහත් වූ අපූරු තරගයක් දැක බලාගත හැකි බවත් ඔහු පවසයි.

 මෙම නිවුන් දරුවන් දෙදෙනාට අවුරුදු තුනක් වැඩි මහල් සොයුරියක් ද සිටි.