තම දුරකථනය සොරාගත් තැනැත්තිය තම පෙම්වතිය කර ගැනීමට මාන බලන්නෙකි ස්විස් ජාතික නික්ලස් කනේච්ට්.
නික්ලස් පවසන ආකාරයට ඔහුගේ දුරකථනය ස්විට්සර්ලන්තයේ සූරිච් නුවරදී සොරකම් කර දැනට මාස 2 ක් පමණ ගතවී ඇත.නමුත් පසුගිය දින කිහිපයක සිට නික්ලස්ගේ අන්තර්ජාල ඡායාරූප ගිණුමට ලැඛෙන්නට වූ සුරූපී තරුණියකගේ ඡායාරූපයන් ගැන විමසිලිමත්වූ ඔහුට සොයා ගැනීමට හැකිව තිඛෙන්නේ තම දුරකථනය ‘සොරා‘ ගෙන ඇත්තේ ඇය බවයි.
දුරකථනයේ කැමරාවෙන් ගනු ලබන ඡායාරූපයන් ස්වයංක්රීමයවම තම අන්තර්ජාල ඡායාරූප ගිණුමට එක්වන සේ සකසා තිබීම නිසාවෙන් මෙසේ ඇය ගන්නා ඡායාරූප තමන් වෙත ලැඛෙන බව නික්ලස් කියයි.
‘ඇයට අමතක වෙලා වගෙයි මේ අංගය කි්ර යාවිරහිත කරන්න.ඇය ගන්නා ඡායාරූප ඔක්කොම මට ලැඛෙනවා. ‘යැයි නික්ලස් පවසයි.
‘සොරා‘ අල්ලාගෙන තම දුරකථනය ලබාගන්නවා වෙනුවට නික්ලස්ට දැන් ඇත්තේ වෙනත් අදහසකි.
‘ඇය මගේ පෙම්වතිය වනවා නම් මේ දුරකථන පළහිලව්ව අමතක කරල දමන්න මම ලෑස්ති වෙලා ඉන්‘ නික්ලස් අපේක්ෂාසහතව කියයි.
දුරකථනය දැන් ඇත්තේ ස්විට්සර්ලන්තයෙන් බොහෝ ඈත මොරොක්කෝවේ බව නික්ලස් අනුමාන කරයි.ඒ ඔහුගේ zzසිහිනzz පෙම්වතිය මොරොක්කෝ ජාතික ඇදුමින් සැරසී සිටිනු දැක්වෙන ඡායාරූප කිහිපයක්ද ඔහුට ලැබී ඇති බැවිනි.
ඇය කවරෙක්ද යන්න සොයාගැනීමට නික්ලස් ෆේස්බුක් පිටුවක්ද අරඹා ඇත.
‘මම හිතන්නේ නැහැ ඇයම මගේ දුරකථනය සොරාගත්තා කියලා.කවුරුහරි මගේ දුරකථනය සොරාගත් තැනැත්තාගෙන් ඇත්ත නොදැන ඇය එය මිලයට ගන්න ඇති.මට දැන් දුරකථනය වුවමනා නැහැ.ඇයව ලැඛෙනවනම් එච්චරයි‘ නික්ලස් පවසන්නේ සිනාමුසුවය.
COMMENTS
මෙයාට ඕන රටකින් මනමාලියක් ගන්න පුළුවන්. නමුත් ඔයා මොරොක්කෝ රටෙන් ගන්න එකනම් ඇඟට ගුණ නැහැ. (ස)
රිස්වාන් ගෙ කතාව සහතික ඇත්ත (ස)
ඇයි සිරියලතා ඉරිසියාවද? ලෝකේ ලස්සනම කෙල්ලෝ ඉන්නේ මොරොක්කෝවේ. (ස)
මොරෙකේකෝවේ අය වැඩිපුර කන්නේ මුරුක්කු.(නදී)
ඔය මොරොක්කෝවේ මිනිස්සු අමෙරිකාවේ ඇවිත් හොර වැඩ කරනවා. රිස්වාන් මෙහෙ ඉන්න හොරු එක්කෝ මොරොක්කෝවේ නැත් නම් පකිස්තාන් වල (නදී)
මොරොක්කෝවත් අරාබි රටක්. (නි)
රිස්වාන්,මට නම් ඊර්ෂ්‍යාවක් නැහැ (නි)
මිනිසාට හැම දේම අමතක වෙනවා ස්ත්‍රී රූපයට.(නදී)
මං මුලා වෙලා....... අඳුරේ මේ...... යන්නෙ කොහේ දැන්.... අප සැමා.......... (ස)
යන්නෙ කොහේ දැන් මංමුලා වෙලා.... (නි)
අනේ කුමාරි ඔයා ඕවට පැටලෙන්න යන්න එපා. (ස)
රිස්වාන් ඩුබායි,ලෝකයේ ලස්සනම කාන්තාවන් ඉන්නේ සිරියාව, ටියුනීසියාව හා වෙනිසුලා වගේ රටවල් වල. මොරොක්කෝවත් ලස්සනයි (නි)
පින්තුරයක් දැම්මා නම් තමා හොඳ. අපේ ආච්චිත් ලඟදි පොන් එකක් ගත්තා. (ස)
මේ ජරා ටෙලි ඩ්‍රාමා අතරට ඔන්න හදනවනම් මාරු කතාවක්, තව ලුණු ඇඹුල් ටිකක් දමලා ගත්තොත් එලම තමයි. (නදී)