පවුල් පිටින් දිය යට නවාතැන් ගැනීමට ඉඩ සැළැසෙන කාලය වැඩි ඈතක නොවන සෙයකි.ඒ දිය යට ඉදිකෙරෙනා හෝටල් සංකීර්ණයකට ඩුබායිහිදී පිඹුරුපත් සැකැසෙමින් ඇති බැවිනි.

මේ හෝටල් සංකීර්ණයේ නිර්මාණ කටයුතු භාරව කටයුතු කරන්නේ ‘‘ඩීප් ඕෂන්‘‘නම් පෝලන්ත සමාගමකි.දැනට ඉදිරිපත් කර ඇති සැළැස්ම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක රූප රාමු සිහිගන්වයි.දිය යට හා උඩ හෝටල් සංකීර්ණ දෙකක්  ඉදිකිරීමට නියමිත අතර දිය යට හෝටල් සංකීර්ණයේ කාමර 21 ක් ඉදිකරෙනු ඇත.මිට අමතරව කිමිදුම් මධ්‍යස්ථානයක් අවන්හලක් හා ‘‘දිය යට තැබෑරුමක්ද‘‘ මෙහි ඇතිකිරීමට සැළැසුම් කර ඇත.

හදිසි අවස්ථාවකදී වහා දිය මතුපිටට පැමිණීමට හැකි වන පරිදි දිය යට සංකීර්ණය නිර්මාණය කර තිබේ.

මේ හෝටල් සංකීර්ණය මිනිස් ජනාවාස ඉදිකිරීම නවතම මානයකට ගෙන යනු ඇති බවද ඉදිරියේදී දිය යට නිවාස සංකීර්ණ ඉදිකිරීමට ඇති හැකියාව පිළිඹද සොයා බලන බවද නිර්මාණකරුවෝ පවසති.