ඔස්ට්‍රියාවේ ස්ටයිරියා ප්‍රාන්තයේ පිහිටන ගෲනර් සී උද්‍යානය වැන්නක් ලොව වෙනත් කිසිදු පෙදෙසකින් සොයාගත හැකිවේදැයි සැකය.
මේ උද්‍යානය වසරේ එක් කාලයක් පවතින්නේ සම්පූර්ණයෙන්ම පාහේ දිය යටය .එසේ තිබී වසරේ අවසාන භාගය එළැඹෙන විට එහි ඇවිද යා හැකි සාමාන්‍ය උද්‍යානයක් බවට පරිවර්තනය වේ.
ගෲනර් සී පිහිටා තිබෙන්නේ හිමෙන් වැසී ගිය හොච්ස්වැබ් කදු පාමුලය.
සෑම වසන්ත සමයකදීම හිරුගේ උණුසුමින් දියවී යන හොච්ස්වැබ් කදු මුදුනේ රැදී තිබෙන හිම නතර වන්නේ පාමුල ඇති උද්‍යානයේය.මෙනිසා වසන්තය ඇරඹී සති කිහිපයක ඇවෑමෙන් උද්‍යානය දිස්වන්නේ විසල් ජල තටාකයක් මෙනි.මාළුවෝ ඒ මේ අත පිහිනති.ජලජ ශාකද ඕනෑ තරම් දැකිය හැකිය.උද්‍යානයේ තිබූ බංකු ආදී සියලූ දේ ජලයේ ගිලී පවතින්නේ හදිසි ජල ගැල්මක් සිදුවී සියලූදෙනා උන්හිටි තැන් අතහැර ගොස් ඇති බවක් පෙන්වන්නාක් මෙනි.
මේ සමයේ ගෲනර් සී කිමිදුම්කරුවන් අතර ජයප්රියය.
වසන්තය ගෙවී ගිම්හානය එළැඹෙන විට හිරුගේ රැස් ක්‍රමයෙන් දුර්වල වීමට ගනී.හොච්ස්වැබ් කදු මුදුනෙන් ගලන දිය පහරද නවතී.දැන් උද්‍යානයේ පරිවර්තනය සිදුවන කාලයයි.උද්‍යානයේ රැදී තිබෙන ජලය සියල්ල ක්‍රම ක්‍රමයෙන් ඉවත්ව යෑම සිදුවන්නේ මේ සමයේදීය.ගිම්හානයේ අවසන් භාගය වන විට උද්‍යානයේ දිය බිදක් හෝ තිබුණු බව සොයාගැනීමටවත් නොහැක.
දැන් උද්‍යානයේ සක්මන් කළ හැකිය.මෙතෙක් කල් දියේ ගිලී තිබූ බංකු වලටද අලූත් පණක් ලැබී ඇත්තාක් මෙනි.පරිසරයද සුන්දරය.මේ සමයේ ගෲනර් සී ජනප්‍රිය වන්නේ කදු නගින්නන් හා කූඩාරම් සංචාරයන්හි යෙදෙන්නන් (කෑම්පර්ස්) අතරය.
සීත සෘතුව ගෙවෙන තෙක්ම මෙසේ පවතින ගෲනර් සී වසන්තය එළැඹිමත් සමග නැවත දියෙන් පිරේ.
උද්‍යානයේ ඇති ශාඛ පවා මේ විපර්යාසයට ගැලපෙන සේ හැඩගැසී තිබෙන බව සදහන්ය.එම ශාක වලට දිය යට ගිලී පැවතීමේ හැකියාව මෙන්ම සාමාන්‍ය පරිදි ජීවය පවත්වාගැනීමටද හැකියාව ඇතැයි පැවසේ.
ගෲනර් සී ස්වභාව ධර්මයාගේ මහිමය කියාපාන හොදම උදාහරණයකි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ
ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර
පාප් ධුරයට තේරී පත්වුණු14 වැනි ලියෝ පාප්තුමාට විදෙස් නායකයන්ගෙන් උණුසුම් සුබ පැතුම් හිමිවී ඇත. 14 වැනි ලියෝ පාප්තුමා බවට පත්වූයේ ඇමෙරිකන් කාදිනල් රොබට
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පවත්වා, චීනය සහ රුසියාව අතරේ උපාය මාර්ගික හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීම චීන ජනාධිපතිවරයාගේ මෙම සංච
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දියගොඩ උයන හරි පුදුමයි
කමල් Saturday, 29 November 2014 01:24 PM
හරි ලස්සන දෙයක්.(හේ)
පාලිත Monday, 01 December 2014 10:30 AM
වතුර නැතිවුන ගමන් මේ විලේ ඉන්න මාළු ටික උඩම කොමෙන්ට් එක දාපු "ලංකා" අල්ලගන්නවා ඇති. මට ඇතිවුනු ප්‍රශ්ණය වුණ වතුර නැතිවුණ විට මාළුන්ට මොකද වෙන්නේ.? යන්නට කිසියම් පිලිතුරක් තිබුණත් නැවතත් මාළු ඇති වෙන්නේ කොහොමද.? කියන එක තමයි ප්‍රශ්ණය. (ර)
නුවන් Saturday, 29 November 2014 04:12 AM
මේ රටවල් වල සුන්දරත්වය සමහර කොටස් විනාශ කරනවා (නදී)
අසංක Friday, 28 November 2014 04:31 AM
දෙවියන්වහන්සේගේ මැවීම් වල අපුර්වත්ය, මෙය මිනිසාට දුන් ත්‍යාගයක් (දිල්)
ලක්මාල් Thursday, 27 November 2014 07:09 AM
ඉතා අලංකාරයි (නදී)
ශිරාන් Tuesday, 02 December 2014 03:56 AM
අනේ හරිම ලස්සනයි. පුදුමයි බෝම ස්තූතියි. අපට බලන්න පල කලාට. (නදී)
දිනේෂ් Wednesday, 26 November 2014 05:12 PM
මමත් හරි කැමතියි මේ රටට (නි)
ශාන්ති Thursday, 27 November 2014 04:24 PM
ඇත්ත හරිම ලස්සනයි. (ස)
සඳුනි Thursday, 27 November 2014 04:26 PM
සුන්දර පුවතක්...'ස්තුතියි ලංකාදීප...' (ස)
නිහාල් Tuesday, 02 December 2014 03:55 PM
නාලී යුරෝපයේ නෙවෙයි මේ ඕස්ට්‍රේලියාවේ (නදී)
ගයාන් Wednesday, 26 November 2014 06:19 PM
හරිම ලස්සනයි (නි)
සේතන් Monday, 01 December 2014 02:03 PM
හරි ෂොක් අනේ හරිම ලස්සනයි (නදී)
සම්පත් Tuesday, 02 December 2014 09:57 AM
කොච්චර ලස්සන තැනක්ද ? (නදී)
උදාරත් Friday, 28 November 2014 09:14 AM
මේක නම් අපුරු ලස්සන තැනක්. බලන්න යන්න හිතෙනවා (නි)
ලංකා Wednesday, 26 November 2014 09:59 PM
බොහොම අගෙයි. රූපයේ ඉන්න මාළුවන් හදුන්වන්නේ throtha යන නාමයෙන්. ඉතාමත් ප්‍රනීත රසයෙන් යුක්තය. මාළුවාගේ ඇතුලත තැබිලි පැහැයක් ගනී. සොලොමන්(සල්මොනේ) නම් මාළු විශේෂයට අයත් මාළු වර්ගයකි (නදී)
පුබුදු Saturday, 29 November 2014 07:26 AM
ලංකාදීපයට ස්තුතියි මේ වගේ විස්තරවලින් අපිව දැනුවත් කරනවට. (නදී)
විජිතප්රසන්න Friday, 28 November 2014 10:24 AM
ඉතාම සුන්දරයි.පින්තූර බැලුවමත් මනසට සැහැල්ලුවක් දැනෙනවා (නි)
රවී - ඕමාන් Tuesday, 02 December 2014 11:24 AM
සිතට ගතට පුදුම සුවයක් දැනුනේ ඒ පින්තුර ටිකටයි පුවතටයි... ඔබට තුති ලංකාදීප (අ)
නාලක Saturday, 29 November 2014 11:42 AM
අන්න ආශ්චර්යය...(හේ)
නිශාන්ත සමරසිංහ Thursday, 27 November 2014 03:31 AM
හොද වැඩක්. (ර)
නාලි Friday, 28 November 2014 02:26 AM
ස්තුති කරන්නම හිතුනා. ඊළඟ යුරෝපා සංචාරයේදී බලන්න යන්න ඕනා. (නදී)
හපුආරච්චි Friday, 28 November 2014 03:23 AM
මේ වගේ ලිපි හැමදාම දාන්න. අපි නොදන්නා ලස්සන ලෝකය හරිම පුදුමයි. (නදී)