හින්දු වන්දනාකරුවන්ගෙන් පිරි ගිය නැගෙනහිර ඉන්දියා දුම්රියපොළක දුම්රියක් පදවා තිස්හත් දෙනකු මරණයට පත් කර හතලිස් දෙනකුට තුවාළ කළැයි කෝප වු  පිරිස් රියදුරාට තඩිබා  දුම්රිය මැදිරිද ගිනි තැබුහ.

රියදුරා මිය ගිය බව දුම්රිය නිලධරයෙක් පැවසීය.එහෙත් තවත් නිලධරයකු පැවසුයේ ඔහු බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කළ බවයි.මෙම දුම්රිය එම දුම්රියපොළේ නතර නොකරන බවත් මිනිසුන් රේල් පාරේ සිටි බවත් අධික වේගයෙන් ආ දුම්රිය නතර කැර ගැනීමට රියදුරාට නොහැකි වු බවත්  දුම්රිය නිලධරයෝ කියති.

බිහාර් ප්‍රාන්තයේ පැටිනා නුවරට කිලෝමීටර් 175 ක දුරින් මෙම ඛේදවාචකය සිදු විය. දිනකය දුම්රිය මගීහු එක්කෝටි අසුපන්ලක්ෂයක් එරට දුම්රියේ ගමන් කරති