ඉන්දියාවේ ශ්‍රී ලංකා මහාබෝධි සමාගමේ මෙහෙයැවීමෙන් දඹදිව බුද්ධගයාවේ ඉදිකළ අනගාරික ධර්මපාල ගුණානුස්මරණ ධර්ම ශාලාව සෙනසුරාදා (09) විවෘත කිරීමට නියමිතය.
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමි, මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගො විජිතසිරි නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතා නායක චමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වීමට නියමිතය.
ශ්‍රී ලංකා, තායිලන්ත සහ බුරුම වැසියන්ගේ සහභාගීත්වයෙන් 9, 10 සහ 11 වැනි දා බුද්ධගයාවේ කඨින පිංකම ද පැවැත්වෙන බව සංවිධායකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු සසුන ලොව බැබළේවා! (නි)