මුම්බායිහිදීය (රොයිටර්)
පෞද්ගලික පරිශීලක දත්ත භාවිත කරන්නන්ගේ අනුදැනුමකින් තොරව ඔවුන්ගේ දත්ත තෙවැනි පාර්ශ්වයකට යැවීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සහ ඔහුගේ නිල ජංගම දුරකතන මෘදුකාංගයට චෝදනා එල්ල වී තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල ජංගම දුරකතන මෘදුකාංගය භාවිත කරන පුද්ගලයන්ගේ දත්ත ඔවුන්ගේ අනුදැනුමකින් තොරව තෙවැනි පාර්ශ්වයකට යවා ඇති බව දැනගන්නට ලැබීමත් සමඟ මෙම අර්බුදකාරී තත්ත්වය හටගෙන තිබේ.
මෘදුකාංගය පරිශීලකයන්ගේ දත්ත ඔවුන්ගේ අනුදැනුමකින් ඇමෙරිකා එක්සත් ජනපද සමාගමක් විසින් ලබාගෙන ඇති බව සඳහන් කරමින් ආරක්ෂක පර්යේෂකයකු ට්විටර් පණිවිඩයක් නිකුත් කිරීමත් සමඟ මෙම අර්බුදය හටගත්තේය.
කෙසේ නමුත් මෝදිගේ පාලක භාරතීය පක්ෂය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි. දත්ත භාවිත කරන ලද්දේ විශ්ලේෂණ කටයුතු සඳහා පමණක් බවත් පරිශීලකයන් ඉතා හොඳ අන්තර්ගතයක් ලබාදීම සඳහා එසේ සිදුකළ බවත් භාරතීය ජනතා පක්ෂය තවදුරටත් සඳහන් කර තිබේ.
එම තොරතුරු අනාවරණය වීමත් සමඟ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ ප්‍රධානී රාහුල් ගාන්ධි අගමැති මෝදි විවේචනය කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබූ අතර සමාජ මාධ්‍ය තුළින් ද අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවටත් මෘදුකාංගයටත් විශාල වශයෙන් විවේචන එල්ල වී තිබිණි.
රාහුල් ගාන්ධි අවධානය වෙනතක යොමු කිරීමට උත්සාහ ගන්නා බව, ගාන්ධිගේ චෝදනාවලට පිළිතුරු දෙමින් භාරතීය ජනතා පක්ෂය සඳහන් කර තිබිණි.
කොංග්‍රස් පක්ෂය චෝදනාවලට ලක්ව සිටින ‘කේම්බ්‍රිජ් ඇනලිටිකා’ සමාගම සමඟ සබඳතා පවත්වා ඇති බවට විවිධ වාර්තා පළ වී ඇතැයි ඉන්දියාවේ නීතිය සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රවි ෂන්කර් ප්‍රසාද් පසුගිය සතියේදී පැවැසීය. රාහුල් ගාන්ධිගේ සමාජ මාධ්‍ය භාවිතය තුළ ‘කේම්බ්‍රිජ් ඇනලිටිකා’ සමාගමේ කාර්යභාරය පැහැදිලි කරන්නැයි ද භාරතීය ජනතා පක්ෂය ඉල්ලා තිබිණි. එසේ වුවත් කොංග්‍රස් පක්ෂය එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.
අගමැති මෝදිගේ මෘදුකාංගය දියත් කරන ලද්දේ 2015 වසරේදීය. අගමැති මෝදි යනු නිරන්තරයෙන් සමාජ මාධ්‍ය පෙනි සිටින්නෙක් සහ ලෝක නායකයන් අතර ෆේස්බුක් සහ ට්විටර් යන සමාජ මාධ්‍ය භාවිත වැඩි වශයෙන් භාවිත කරන්නෙකි.
අගමැති ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ ජනප්‍රියතම දේශපාලනයන් පස්දෙනා අතර සිටින අතර ඔහුගේ ට්විටර් ගිණුමේ සාමාජික සංඛ්‍යාව (ෆලෝවර්ස්) මිලියන 41.4කි.
055
2025 දෙසැම්බර් මස 18
686
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දත්ත සොරා ගත්තැයි මෝදිටත් චෝදනා