මදුරුවන් ඇතැම් පුද්ගලයින්ට වැඩියෙන් ආකර්ෂණය වන්නේ මන්දැයි සොයාබැලීමට පර්යේෂණයක් බි‍්‍රතාන්‍යයේ ලිවර්පූල් විශ්වවිද්‍යාලයේ පර්යේෂක පිරිසක් සිදුකර තිබේ.
ඔවුන් සොයාගෙන ඇති ආකාරයට පුද්ගලයෙකුට මදුරුවන් ආකර්ෂණය වීමට වඩාත් බලපාන්නේ ඔහුගේ හෝ ඇයගේ ජාන සැකැස්මයි.
මදුරුවන් ආකර්ෂණය වන කාබන් ඩයොක්සයිඞ් වායුව,දහඩිය,ලැක්ටික් අම්ලය,යූරික් අම්ලය ආදිය සිරුරින් වැඩියෙන් නිකුත් වන පරිදි කිසියම් පුද්ගලයෙකුගේ ජාන සැකැස්ම සකස්වී ඇත්නම් වැඩියෙන් මදුරුවන්ගේ ප‍්‍රහාරයට ලක්විය හැකි බව පර්යේෂකයින් පවසයි.
මෙම සංයෝගයන් හදුනාගැනීමේ සමත් ඉතා සියුම් සංවේදක යුගලයක් මදුරුවන්ගේ පිහිටන අතර ගොදුර ඇති තැන ඔවුන් සොයාගන්නේ එම සංවේදක ආධාරයෙන්ය.
දින කිහිපයක් ස්නානය කර නොමැති පුද්ගලයෙකුගේ සිරුරේ දහඩිය තැන්පත්ව තිබිය හැකි බැවින් එවැනි පුද්ගලයෙකුට වෙනදාට වඩා වැඩියෙන් මදුරු ප‍්‍රහාර වලට ලක්වීමේ හැකියාවක් තිබෙන බව පර්යේෂකයින් කියයි.
සිරුරේ ඇති ලේ වර්ගය පවා හදුනාගැනීමට මදුරුවන්ට හැකියාවක් තිබෙන බවද මෙම පර්යේෂණයේදී හෙළිව තිබේ.පර්යේෂකයින් පවසන්නේ මිනිස් ජනගහණයෙන් සියයට 85 ක ප‍්‍රමාණයක් සිරුරින් නිකුත් කරන විශේෂ සංයෝගයක් ආධාරයෙන් මදුරුවන්ට සිරුරේ ඇති ලේ වර්ගයද හදුනාගත හැකි බවයි.
ඒ අනුව සිදුකර ඇති සොයාබැලීම් වලින් මදුරුවන් වඩාත් පි‍්‍රයකරන්නේ ඕ රුධිර ගණය ඇතියවුන් බව අනාවරණයව තිබේ.ජනපි‍්‍රයතාවය අඩුම ලේ වර්ගයව ඇත්තේ ඒ රුධිර ගණයයි.
මදුරු කරදරයෙන් බේරී සිටීමට නම් මුලින්ම ඇග සෝදා පිරිසිදුවීම වැදගත් බව කියන පර්යේෂකයෝ අවශ්‍ය නම් සමේ ආලේපනයක් තවරාගත හැකි බවද පවසයි.
COMMENTS
අපේ රටේ මදුරුවෝ වැඩිවෙන්නේ ඒක නිසා වෙන්න ඇති. (නි)
දහඩිය ගඳට මදුරුවෝ එන බව විතරක් නෙමෙයි එම ගඳ සමනයකළ හැකි ඩීට් නමැති බෙහෙතත් දැන් වෙළඳපොලේ තිබෙනවා විවිධ නම් වලින්. මේවා විවිධ ප්‍රතිශතයන්ගෙන් මිශ්‍රකළ ස්ප්‍රේ වර්ග සහ ක්‍රීම් වර්ග මෙන්ම තෛලෝදයන්ද විවිධ නම් වලින් වෙළඳපොළේ තිබෙනවා. ඒවා ගැන විස්තර අන්තර්ජාලයෙන් බලන්නට පුලුවන්.නමුත් නිතර නිතර පාවිච්චිය සමට අහිතකරවීම තමයි ගැටලුව. (නි)
දුමින්දටත් වචනයක් කියන්නට වෙනවා.එම දහඩිය සුවඳ මදුරුවට දැනෙන්නේ අපිට සුවඳ දැනෙන විදියටම නෙමෙයි. එනිසා සුවඳ විලවුන් වලින් වළක්වන්නට බැහැ. සිට්රොනෙල්ලා තෙල් වලින් සහ සුදුලුනු සුවඳින් තරමක් එම කටයුත්ත කෙරුණත් ඉතාම සුළු වෙලාවකින් ඒවායේ බලය හීනවෙනවා. පැය 6 ත් 8 ත් කාලයක් ක්‍රියාකරන දැනට ඇති එකම 100% ක් සාර්ථක බෙහෙත වෙන්නේ ඇමෙරිකාව විසින් තම හමුදාව කළ සටන් වලදී පාවිච්චිය සඳහා වැඩිදියුණු කළ, දැනට ඇමෙරිකානු වෙළඳපොලේ ඇති ඉහත කී බෙහෙත විතරයි. නමුත් එය සිරුරට අහිතකර නිසා සමහර රටවලට ගෙන්වන්නේ නැහැ. (නි)
සුවඳ විලවුන් නිෂ්පාදකයන්ට මේ සුභ පුවතක් -අලුත් වෙළද පොළක් (ම)
මාව නම් මදුරුවෝ කන්නේ ඇඟ සෝදාගත්තාට පස්සේ (නි)
මඩ පිහිදා ගත් කල ගොවියාත් රජෙක්. ගොවියට දහඩිය දැම්මේ නැත්නම් කොලඹ අය බඩගින්නේ. ගොවියා කොලඹ ඔෆිස් වලට අවාහම කොලඹ අය ගෑස් පෙන්නනවා. (නදී)