බලය අයුතු ලෙස පරිහරණය කිරීම, අල්ලස් හා බලහත්කාරකම් යන බහුවිධ චෝදනා යටතේ වැරදිකාරිය වීම හේතුවෙන් දකුණු කොරියාවේ හිටපු ජනපතිනී පාර්ක් ගුන් හේ වසර 24 සිරදඬුවමක් නියම වී ඇත.
ඇයට එරෙහිව ගොනු කර තිබූ වංචා 18කින් 16ක් සඳහා වැරදිකාරිය බව අධිකරණය විසින් තීන්දු කරනු ලැබීය. ඩොලර් මිලියන 17ක දඩයක්ද පාර්ක් ගුන් හේ නියම කෙරිණි.
නඩු තීන්දුව ප්රකාශ කළ අද (06) දිනයේ ඇය අධිකරණයේ පෙනී නොසිටි අතර ඇයට එරෙහිව එල්ල වූ සියලු චෝදනා ප්රතික්ෂේප කළාය.
හිටපු ජනපතිනිය ඇගේ මිතුරියක් වූ චොයි සූන් සිල් සමඟ එකතු වී මෙම දූෂණ සිදු කළ බව හෙළිවී ඇති අතර මිට පෙර විභාග වූ නඩුවකදී චොයි වසර විස්සක සිර දඬුවමකට යටත් කර තිබිණි.
2017 වර්ෂයේදී බලයෙන් පහකරනු ලැබූ පාර්ක් ගුන් හේ මේ දක්වාම රැඳවුම් බාරයේ පසුවූවාය.

(බීබීසී ඇසුරිණි - 085)
COMMENTS
හරියටම ලංකාවේ වගේ, නීතිය අකුරටම ක්රියාත්මක කරලා
ඔය වගේ නිව්ස් දාන්න එපා.. මෙහෙ හිටපු අයට හොඳ නැහැ.
කරන කලට පව් මිහිරිය මී සේ... විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ..!
හිටපු හැම ජනාධිපති කෙනෙක්ම හිරගෙට දැම්ම දකුණු කොරියාවේ නීතිය ඉතාමත් දරදඬුයි කියලා මෙයාලා හොඳටම දැනගෙනත් මේවගේ හොරකම් කරනවා නම් ලොක්කන් ඉදිරියේ නැමෙන නීතියක් තියෙන අපේ බුවාලන්තයේ අයියලා කොහොම ගැහිල්ලක් ගහනවද කියලා හිතාගන්නවත් පුළුවන්ද?
මෙතුමියත් ළඟ හිටපු අය විශ්වාස කරලා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. අපේ අයටත් ඔය කතන්දරේනේ. ඒ වුනාට නීතිය ක්රියාත්මක නැහැ. ලංකාව ලෝකෙට ණය වෙන එක අහන්න දෙයක් නොවේ.
ලංකාවට මේ නීති ගෙන්න්නේ කවදද ?
ලෝක බැංකුවෙන් අපේ රටවල් නයට ගන්නෙත් දේශපාලුවෝ අපේ රටෙන්ම හොරකම් කරපු වල්ලි වෙන්න පුළුවනි!
අපේ රට කාපු මහා එවුන් හා පොඩි එවුන් ඇතුලට යවන්නේ කවදාද?
දකුණු කොරියාවේ එහෙම වුනත් අපේ ලංකාවේ එහෙම වෙන්නේ නෑ. සුනිල් පෙරේරා කියපු සින්දුව හරියටම හරි...
අපේ රටේ හිටපු නායකයෙකු වරදකට උසාවි ගේනකොට වහල්ලු උද්ඝෝෂණ පවත්වනවා... මේ නිවට කම් දුරලන තුරු රටේ දූෂණ නවත්වන්න බැහැ. නීතිය පොඩි මිනිහට විතරයි.
එතකොට මෙහෙ ඉන්න දේශපාලකයෝ අවුරුදු කීයකට හිරේ යනවද?