වැටුප් වැඩි කරන්නැයි ඉල්ලමින් දකුණු අපි‍්‍රකාවේ රන් ආකර සේවකයන් පිරිසක් ද ඊයේ (04) වීදි බැස විරෝධතා පැවැත් වූ අතර පොලිසිය ඔවුන්ට කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප‍්‍රහාරයක් එල්ල කළේය.
විරෝධතාවට රන් ආකර සේවකයෝ 80 දෙනකු පමණ සහභාගී වූ බව පොලිසිය පවසයි. පොලිසිය එල්ල කළ ප‍්‍රහාරයෙන් විරෝධතාකරුවන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවූ නොවිණි.
මීට සති දෙකකට පෙර දකුණු අපි‍්‍රකාවේ ප්ලැටිනම් පතල් සේවකයෝ පිරිසක් ද වීදි බැස විරෝධතා පැවැත් වූ අතර එහිදී පොලිසිය එල්ල කළ වෙඩි තැබීම්වලින් විරෝධතාවට එක් වූ පතල් සේවකයෝ 34 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ප්ලැටිනම් පතල් සේවකයන් වීදි බැස විරෝධතා පැවැත්වූයේ වැඩි වැටුප් දිනා ගැනීමට මෙන්ම අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයේ නායකත්වය යටතේ පවතින පතල් කම්කරුවන්ගේ ජාතික සංගමයට බැඳීමේ ද අරමුණින්ය.
1
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.