IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තව ග්‍රහයෙක් සොයාගනී

ජීවය පැවැතිය හැකිදැයි සැක කෙරෙන ග්‍රහලොවක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයෝ පිරිසක් සමත් වූහ. අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා හා සමාන වූ තාරකාවක් කේන්ද්‍ර කරගනිමින් පිහිටි තවත් සෞරග්‍රහ මණ්ඩලයකට මේ ග්‍රහයා අයත්ය.මේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක ගණන පහකි. පිහිටා ඇත්තේ පෘථීවියේ සිට ආලෝක වර්ෂ දොළහක් දුරිනි. දුරේක්ෂ 3 ක් මගින් සිදුකළ නිරීක්ෂණ 6000 කට ආසන්න සංඛ්‍යාවක් ඇසුරින් මේ නිගමනයට එළැඹිීමට පර්යේෂණ කටයුතු මෙහෙයවූ විද්‍යාඥ පිරිස සමත්ව තිබේ.හදුනාගත් ග්‍රහයා පෘථීවිය මෙන් පස් ගුණයක් පමණ බර වෙතැයි සඳහන් වෙයි. ග්‍රහලෝකයක ජීවය පැවැතීමට නම් එය මත පැවැතිය යුත්තේ අධික උණුසුම් හෝ සිසිල් හෝ නොවන මධ්‍ය උෂ්ණත්ව පරාසයකි.මෙවිට ග්‍රහලෝකයේ පෘෂ්ඨය මත ජලයට ද්‍රව ලෙස පැවැතීමේ හැකියාවද ලැබේ.ද්‍රව ලෙස ජලය පවතිනවා යනු ජීවයද පැවැතිය හැකි බවයි.මෙසේ මධ්‍ය උෂ්ණත්ව පරාසයක් කිසියම් ග්‍රහයකු මත පැවැතීමට නම් එය සිය මව් තාරකාවට වඩා දුරින් හෝ වඩා ළගින් හෝ නොව අතරමැදි දුරකින් පිහිටිය යුතුවේ.මේ කරුණු සූර්යයාගේ සිට 3 වැන්නේ පිහිටන පෘථීවිය සැළැකූ විට හොදින් වටහා ගත හැක. පෙරකී කරුණූ අලූතින් සොයාගනු ලැබූ ග්‍රහලෝකයේද හදුනාගත හැක.එනම් එම ග්‍රහලොවද පිහිටා ඇත්තේ සිය මව් තාරකාවට වඩා දුරකින් හෝ වඩා ළගකින් නොව මධ්‍ය දුරකිනි.ග්‍රහයා මත ජලය ද්‍රව ලෙස පැවැතීමේ සම්භාවිතාව ඉතා ඉහළය.සිදුකළ නිරීක්ෂණ අනුව උෂ්ණත්වයද ඇත්තේ අතරමැදි අගයකය.මෙනිසා ග්‍රහයා මත ජීවයද පවතිනු ඇතැයි විද්‍යාඥයින් මත පලකරයි.



අදහස් (0)

තව ග්‍රහයෙක් සොයාගනී

අජිත් කරුණාරත්න Saturday, 22 December 2012 07:37 AM

අ‍‍පේ ර‍ටේ සිදුවන ‍දේවල් අනුව ‍මේ ග්‍රහ‍‍ලෝ‍‍‍කෙටත් ගෘහ ‍‍සේවිකාවන් යැව්වෙ නැත්නම් තමයි පුදු‍මෙ...!(නු)

:       0       0

අමිල කටුනායක Saturday, 22 December 2012 08:32 AM

අධික සීතලට හෝ අධික උණුසුමට ඔරොත්තු දිය හැකි අපිට වඩා වෙනස් ප්‍රවේණි ලක්ෂණ තියෙන ජීවින් සිටින්නට නොහැකිද?(නු)

:       0       0

හේරත් Monday, 24 December 2012 08:26 AM

ආ... ඒ කියන්නේ මට වැරදිලා නැහැ. ෂුවර් එකටම ඔය ග්‍රහයා වෙන්න ඇති ඊයේ අල්ලපු ගෙදර හිටියේ. (නි)

:       0       0

අනුරාධ Friday, 21 December 2012 06:23 PM

‍‍මෙවන් ‍දේ ‍‍සොයා ගිය අයටත් ‍‍මෙවන් වැකි එළිදක්වන ඔබටත් අ‍පේ ප්‍රණාමය..!(නු)

:       0       0

ගෝබිල Sunday, 23 December 2012 05:14 PM

කරුණාකර මේ ගැන තොරතුරු කිසිවක් දමන්න එපා. අපේ කට්ටිය ඒකත් වනසාවි. (නි)

:       0       0

අතුල Saturday, 11 October 2014 02:52 PM

සාර්ථක සොයා ගැනීමක්.(හේ)

:       0       0

කුරුවිට Saturday, 22 December 2012 03:05 PM

මේක ඉන්දියාවේ අය දැනගත්තොත් ............... (ස)

:       0       0

සිල්වා Sunday, 23 December 2012 07:58 AM

දැන් ඔක්කොම කීදෙනාද (දී)

:       0       0

ලලිත් කටාර් Saturday, 22 December 2012 03:12 PM

අර ඊයෙ පෙරේදා සම්මාන ලබපු අයට වැඩ වැඩිවෙයි.. ඔය ග්‍රහයගෙන්වත් අපේ රටට මහජනතාවට යහපතක් වෙයිද?(නු)

:       0       0

ප්‍රසන්න Sunday, 23 December 2012 08:46 PM

මෙයත් සෙනසුරු වගේ සැරද දන්නේ නෑ (ස)

:       0       0

ප්‍රසන්න Sunday, 23 December 2012 09:01 PM

හේරත් අල්ලපු ගෙදර ගැන ‍නොවෙයි කතා කරන්නෙ? අලුත් ග්‍රහලෝකය ගැන....!(නු)

:       0       0

දමිත් Friday, 21 December 2012 01:26 PM

කරුණාකර ‍‍‍මෙම ග්‍රහ ‍‍ලෝක‍යෙහි නම ‍හෝ එම පරීක්ෂණ කණ්ඩායම ‍හෝ ආයතන‍යේ නම සදහන් කරන්න..!(නු)

:       0       0

ජී.වැලි‍ඩෙ Friday, 21 December 2012 10:13 PM

ඒ ‍‍ගොල්ල ‍‍‍මෙ‍හෙ එයිද දන්න නැහැ..!(නු)

:       0       0

චන්න Sunday, 23 December 2012 10:03 AM

බොර තෙල් තියෙනවද දන්නෙ නැහැ. (නි)

:       0       0

ලක්ෂිත Friday, 21 December 2012 01:50 PM

නියමයිනේ මං වගේ තව කෙනෙක් ඉන්නවද දන්නේ නෑ (ස)

:       0       0

හේරත් Friday, 21 December 2012 11:09 PM

අපේ අල්ලපු ගෙදර බබී අක්කත් ඔහොමමයි. හැමදාම අලුත් ග්‍රහයෙක් ‍හොයාගන්නවා. (නි)

:       0       0

දයා සෞදි Saturday, 22 December 2012 04:29 PM

සිත මිස කය නැති බබලොව සතරකි.. මින් එකක්වත්ද දන්නෙ නැහැ..!(නු)

:       0       0

ගාල්ලගේ Saturday, 22 December 2012 04:55 PM

මෙන්න වෙබ් අඩවිය ගිහිල්ල බලන්න විස්තර (නු) http://www.nature.com/news/galaxy-found-at-record-breaking-distance-1.12028

:       0       0

නිරන් Saturday, 22 December 2012 05:10 PM

බුදුන්වහන්සේ මේවා දේශනා කරලා තියෙන්නේ උන්වහනසේගේ අසීමිත ප්‍රඥාවෙන්.. උන්වහන්සේගේ ධර්මය කෙසේවත් බොරු කළ නොහැකිය. එය නිර්මල ධර්මයකි..!(නු)

:       0       0

දිනේෂ් Sunday, 23 December 2012 11:53 AM

මේ ග්‍රාහකයේ කට්ටිය පියාඹන පීරිසි වලින් ඒවිද? (නි)

:       0       0

චන්ද්‍රා Monday, 24 December 2012 03:17 AM

ලක්ෂිත, අල්ලපු ගෙදර ගැන නෙමෙයි කතාකරන්නේ, අලුත් ග්‍රහලෝකයක් ගැන. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31182 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13339 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10962 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 64 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site