බොරතෙල් නලයක් පුපුරා තෙල් ගැලුම් 21,000ක් පමණ මුහුදට එකතුවී කැලිෆෝනියා වෙරළ අසළ කළු පැහැති තෙල් පැල්ලමක් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සැතපුම් කිහිපයක් දිගට පැතිරී ඇති තෙල් පැල්ලම හේතුවේන දැඩි පාරිසරික ගැටළු ඇතිවේයැයි වෙරළ සංරක්ෂණ බලධාරීන් පවසයි.
අඟල් 24ක විශ්කම්භයක් සහිත නලය ශාන්ත බාබරා වෙරළතීරයේ සවිකැර තිබිණි. කෙසේ වෙතත් තෙල් කාන්දුව දැනගත් විගස නලයෙන් තෙල් යැවීම නතර කළ ද ඒ වනවිටත් තෙල් ගැලුම් 21,000ක් පමණ මුහුදට එක්ව තිබිණි. තෙල් නලය අයත් සමාගම පරිසර හානිය අවම කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd