බොරතෙල් ප්‍රවාහනය කරමින් තිබු දුම්රියක් බටහිර වර්ජිනියාහිදී පීලි පැන පුපුරාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  පිලී පැනීමෙන් පසු එහි තිබූ තෙල් ටැංකි පුපුරාගොස් ඇතැයි ද ඒ හේතුවෙන් දහසකට අධික පිරිසක් අවතැන් වී ඇතැයි ද පවසයි. සහන සේවකයන් පවසා ඇත්තේ අනතුර සිදුවූ ප්‍රදේශයේ ඇති ජල මූලාශ්‍රවලට ද තෙල් කලවම් වීම හේතුවෙන් පානීය ජල අර්බුදයක් ද හටගෙන ඇති බවයි.

බටහිර වර්ජිනියා යුධ කටයුතු සහ මහජන ආර්ක්ෂාව පිලිබඳ දෙපාර්තමේන්තුව ප්‍රකාශකරන්නේ පීලි පනින ලද තෙල් ප්‍රවාහන ටැංකි 27 කින් 15 ක් ගිනිගත් බවයි. එක් නිවසක් සහමුලින්ම  ගින්නෙන් විනාශ ඇති බව ද ඔවුන් සඳහන් කරයි.

අනතුර සිදුවු ස්ථානය අසලින් ගලා බහින කනාවා ගංගාවට බොරතෙල් එක්වීම හේතුවෙන් එමගින් පානිය ජලය සැපයු කනවා සහ ෆයිටි දිස්ත්‍රික්ක වල ජනයාට පානීය ජලය ලබා ගැනීමේ ගැටළු මතුවි තිබේ.

ආණ්ඩුකාර අර්ල් රේ ටොම්බ්ලින් කනාවා සහ ෆෙයිටි ප්‍රාන්ත වල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කැර ඇත.