IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


තල්මසුන් සමඟ ගැවසෙන ”මාලදිවයින් හාල්මැස්සා”

මාලදිවයින් ජනාධිපති මොහොමඞ් වාහිඞ්, ඉන්දියානු සමාගමක් වන ජී.ඇම්.ආර්. යටතේ පාලනය වූ මාලේ අන්තර් ජාතික ගුවන් තොටුපල දෙසැම්බර් 1 වැනිදා සිට දින 7ක් ඇතුළත භාරදෙන ලෙස නියෝග කළේය. දකුණු ආසියාවේ බලවත් රාජ්‍යය වූ ඉන්දියාවේ උදහසට ලක්වීමේ අනතුර නොසලකා මාලදිවයින් ජනාධිපතිවරයා මෙම තීරණය ගනු ලැබුවේ ඔහු විසින් ඉන්දියානු පුවත්පතකට ප‍්‍රකාශ කළ ආකාරයට ගුවන් තොටුපල පාලනය ආපසු භාර ගැනීම සඳහා වූ අන් සියලූ මාර්ග අසාර්ථක වූ නිසාය. හිටපු ජනාධිපති මොහමඞ් නෂීඞ්ගේ පාලනය යටතේ 2010 දී මාලේ ගුවන් තොටුපල සංවර්ධනය කොට භාවිත කිරීම සඳහා ජී.ඇම්.ආර්. නමින් හැඳින්වෙන ඉන්දියානු සහ මැලේසියානු ඒකාබද්ධ ව්‍යාපාරයට වසර 25කට පවරා දුන්නේය. ඒ අනුව මෙම සමාගම ගුවන් තොටුපල නවීකරණය සඳහා ඩොලර් දශ ලක්ෂ 500ක් ආයෝජනය කිරීමට නියමිතව තිබිණි. ජනතා විරෝධය හා පොලිසියේ බලපෑම මත ජනාධිපති නෂීඞ්ට තනතුර අතහැර යෑමට සිදුවීමෙන් පසු පසුගිය පෙබරවාරි 7 වැනිදා බලයට පත් මොහොමඞ් වාහිඞ් කලින් පැවති රජය යටතේ පෞද්ගලික අංශයට පවරා දුන් ව්‍යාපාර හා දේපල ගැන විමර්ශනය කිරීමෙන් අනතුරුව ගුවන් තොටුපොල පවරාදීම රජයට අවාසිදායක යැයි හඳුනා ගෙන තිබිණි. ඔහු සඳහන් කරන ආකාරයට නෂීඞ්ගේ පාලනය සමයේ විදේශීය සමාගම්වලට හා ඔහුගේ ආධාරකරුවන්ට සංචාරක ව්‍යාපාර සඳහා දුපත්  400ක් ලබාදී  ඇත. එහෙත් ජී.ඇම්.ආර්. සමාගමෙන් ගුවන් තොටුපොල පවරා ගැනීම ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත‍්‍රික ගැටුමක් බවට පත්වීමේ අනතුරක් ද තිබිණි. ඇත්තෙන්ම හිටපු ජනාධිපති නෂීඞ් එවැනි පියවරක් මාලේ ආර්ථිකයට දැඩි පහරක් විය හැකි නිසා ප‍්‍රවේශමෙන් කටයුතු කරන මෙන් අනතුරු හැඟවූයේය. මාල දිවයින් විදේශ ඇමැතිවරයා නවදිල්ලියට ගොස් සාකච්ඡා කළද ගුවන් තොටුපල ආපසු පවරා ගැනීමට ඉන්දියානු බලධාරීන්ගෙන් අනුමැතිය ලබා ගැනීමට නොහැකි විය. මෙවැනි පවරා ගැනීමක් නිසා ඉන්දියාවෙන් මාල දිවයිනට ලබාදීමට  එකඟවී ඇති ඩොලර් දශලක්ෂ 600ක ආධාර ගැන නැවත සලකා බැලීමට සිදුවනු ඇතැයි ද ඉන්දියානු රජය ප‍්‍රකාශ කළේය. මාලේ රජය නොවැම්බර් 27 වැනිදා නිකුත් කළ නිවේදනයකින් දෙසැම්බර් පලමුවැනිදා සිට දින හතක් ඇතුළත ගුවන් තොටුපල භාර දියයුතු බවට කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දැක්වූ ඉන්දියාව සිද්ධිය පිළිබඳව ගතහැකි සියලූ නීතිමය පියවර අවසන් වන තෙක් පවරා ගැනීම නොකරන මෙන් මාලේ රජයෙන් ඉල්ලීමක් කළේය. කෙසේ වුවත් මෙම ගිවිසුම ගැන කරුණු විභාග කළ සිංගප්පූරුවේ අභියාචනාධිකරණය මාල දිවයින් රජයට ගුවන් තොටුපල පවරා ගැනීම ඇතුළුව  ඕනෑම පියවරක් ගැනීමට බලයක් ඇතැයි දෙසැම්බර් දෙවැනිදා තීරණය කළේය. ඒ අනුව ඉන්දියානු සමාගම ගුවන් තොටුපල පවරා දීමේ කටයුතු ආරම්භ කර ඇති අතර එය සති කීපයක් ඇතුළත නිමවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මාල දිවයින් ජනාධිපති වාහිඞ් පෙන්වා දෙන ආකාරයට රටේ ප‍්‍රධාන විදේශ විනිමය උපයන මාර්ගය වූ සංචාරක කර්මාන්තය හා දැඩි ලෙස බැඳී ඇති ගුවන් තොටුපල පාලනය විදේශීය සමාගමකට පවරා දීම බරපතළ වැරැුද්දකි. එහෙත් ඉන්දියාව එය දකින්නේ ඉන්දියානු සමාගමක අයෝජන අවස්ථාවක් අහිමි කිරීමක් ලෙසිනි. ඉන්දියාව ව්‍යාප්තවන නාවික බලයක් සමග උපාය මාර්ගික වැදගත්කමකින් යුත් මාලදිවයිනේ තම බලපෑම පවත්වා ගැනීම බෙහෙවින් වැදගත්ය. ඉන්දියානු අගමැති මන්මෝහන් සිංග් පසුගිය වසරේදී මාලදිවයිනේ සංචාරයක යෙදුන අතර මාලදිවයිනේ මජ්ලිස් නමින් හැඳින්වෙන පාර්ලිමේන්තුවේද ඇමතුවේය. ඒ අනුව මාලදිවයින පාර්ලිමේන්තුව ඇමතූ පළමු විදේශීය නායකයා වන්නේ ද මන්මෝහන් සිංග්ය. ඊට අමතරව මාලදිවයිනට අවශ්‍ය මූලික ආහාර ද්‍රව්‍ය සැපයෙන්නේද ඉන්දියාවෙනි. මෙවැනි තත්ත්වයක් තුළ ඉන්දියානු ආයෝජනයක් පවරා ගැනීම මාලදිවයින් ජනාධිපති වාහිඞ් ගේ අභියෝගාත්මක පියවරක් බව සැලකිය හැකිය. මෙම සිද්ධිය කුඩා මාලදිවයින හා බලවත් ඉන්දියාව අතර ඍජු ගැටුමකට හේතු නොවිය හැකි නමුත් එහි බලපෑම අමතක නොකළ යුතුය. සමහර  ඉන්දියානු ජනමාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙවැනි පියවරක් ගැනීමට චීන බලපෑමද හේතු වන්නට ඇත. නැගී  එන වානිජ බලවතකු වන චීනය ඉන්දියානු සාගර කලාපයේ සිය බලය තහවුරු කර ගැනීමටද උත්සාහ ගන්නා බවද නොරහසකි. එහි අනතුර  වන්නේ කුඩා මාලදිවයින් රාජ්‍යය කාලපීය බලවතුන්ගේ ගොදුරක් වීමට ඇති හැකියාවයි. අයිතියට වඩා ශක්තිය වැදගත්කමෙන් වැඩිවන ජාත්‍යන්තර පරිසරයක් තුළ දේශීය සම්පත් ආරක්ෂා කර ගැනීම මාලදිවයින්  ජනාධිපතිවරයා ගත් පියවර අගය කළ යුතු වුවද ඒ තුළ කුඩා දිවයින් රාජ්‍යයේ තවත්  බල අරගලයක් හට ගැනීමේ අනතුරක්ද පවතින බව පැහැදිලිය.

සටහන: මහින්ද හත්තක
වත්මන් ජනාධිපති මොහොමඞ් වාහිඞ් හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් ගුවන්තොටුපලේ පිටත සහ ඇතුළත දසුන් ගුවන්තොටුපලේ පිටත සහ ඇතුළත දසුන් ජනාධිපති මන්දිරය



අදහස් (0)

තල්මසුන් සමඟ ගැවසෙන ”මාලදිවයින් හාල්මැස්සා”

හේරත් Friday, 14 December 2012 07:46 PM

මේවා අපිට හොඳ පාඩම් - මගේ පුතේ නුඹ නාඩන් (ස)

:       0       0

ඉන්ග්රිඩ් Friday, 14 December 2012 01:58 PM

කවුද දැන් හාල් මැස්ස (දී)

:       0       0

නිරෝෂන් Friday, 14 December 2012 09:07 PM

මෙම ප්‍රශ්නයේදී ඉන්දියාව අමනාප වීම පිලිබඳ ව නොවෙයි නව ජනාධිපති සලකන්නේ තමන්ගේ ජාතිය සතු සම්පත් දෙස පමණයි. ඉන්දියාව නොමැති උනාට ලෝකයේ අන් සියලුම රටවල්වල සහාය මාලදිවයිනට තිබෙනව. (ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 15 December 2012 10:51 PM

කවුද දැන් හාල් මැස්ස (දී)

:       0       0

පුෂ්ප කුමාර Monday, 17 December 2012 09:13 AM

නිවැරදි තීරනයක් (ස)

:       0       0

ශ්‍රීලාල් Saturday, 15 December 2012 06:02 AM

අපිටත් අවශ්‍ය එවන් දේශපාලන දැක්මකුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1235 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1202 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site