IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තලේබාන් සංවිධානයට සන්නද්ධ බලකායක්

ඇෆ්ගන් තලේබාන් සංවිධානය තව දුරටත් ඒ.කේ. 47 ගිනි අවි අතට ගත් නිකම්ම නිකම් සටන්කාමීන් පරිසක් නොවන බවත්, ඔවුන්ට ද විශේෂ බලකායක් සිටින බවත් පෙන්නුම් කරන වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

'බද්‍රි 313' නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ බලකාය යනුවෙන් මෙම සටන්කාමීන් නම් කර තිබේ. ඔවුන් දිගු රැවුලකින් හෝ තලප්පා දවටා ගත් සටන්කාමීන් නොවන බවත්, විදෙස් හමුදා විශේෂ බලකා සොල්දාදුවන් මෙන් මොවුන් ද හමුදා ආම්පන්නවලින් සන්නද්ධ වී සිටින බවත් වීඩියෝ දසුන් සහ ඡායාරූපවල දකින්න ලැබේ.

මෙම බලකායේ සොල්දාදුවන්ට ඇඳුම් සහ උපකරණ ලැබී ඇත්තේ, විදෙස් හමුදා අතහැරදමා ගිය හමුදා කඳවුරුවලින් යැයි ද පැවැසෙයි. ඊට අමතරව, ඇමෙරිකාව ඇෆ්ගන් ආරක්ෂක අංශ වෙත ලබා දී තිබුණු අති නවීන ගිනිඅවි සහ හම්වී ජිප්රථ රැසක් ද මෙම 'බද්‍රි 313' බලකාය සතුව ඇතැයි පැවැසෙයි. 'බද්‍රි 313' බලකායට අයත් සටන්කාමීන් ගණන 313 කි.

(රොයිටර්/අල් ජසීරා)



අදහස් (0)

තලේබාන් සංවිධානයට සන්නද්ධ බලකායක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 658 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site