IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


තලේබාන් සමඟ සාම කතා පවත්වන්න නවාස් ෂරීෆ් සූදානම්

ප‍්‍රචණ්ඩත්වය අත හැර සාම මාවතකට පිවිසෙන්නැයි තමන් කළ ආරාධනාව තලේබාන් සටන්කාමීන් පිළිගෙන ඇති බවත්, රජය සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට ඔවුන් සූදානමින් සිටින බවත් පාකිස්තානයේ නව අගමැති ලෙස දිවුරුම් දීමට සූදානමින් සිටින නවාස් ෂරීෆ් පවසයි.

පාකිස්තානයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන්නේ ‘තරීක් ඊ තලේබාන්’ නැමැති තලේබාන් සටන්කාමී සංවිධානයයි.

පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂයේ නායකයා ද වන නවාස් ෂරීෆ් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ ගැටලූවලට විසඳුම ගිනි අවි හෝ ප‍්‍රචණ්ඩත්වය හෝ නොවේ යැයි කියාය. ඔහු මේ බව කියා සිටියේ ලාහොර් නුවරදීය.

-තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා පැවැත්වීම පහසු නැහැ. නමුත් එය කරන්න බැහැ කියා අත්හැර දැමිය යුතු විකල්පයක් නොවේ. සාම සාකච්ඡුා පැවැත්වීමට අප උත්සහ ගන්න  ඕනෑ” යැයි නවාස් ෂරීෆ් කියා සිටී.

මහ මැතිවරණයට පෙර සිටම ෂරීෆ් තලේබාන් සංවිධානය සම්බන්ධයෙන් ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. විපක්ෂ නායක ලෙස කටයුතු කරද්දී පවා ඔහු රජයෙන් ඉල්ලා සිටියේ තාල්බාන් සංවිධානය සමඟ සාම කතා පවත්වන ලෙසටය.

ඉකුත් 11 වැනිදා පැවැති මහ මැතිවරණයේදී පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරිගේ ජනතා පක්ෂයට සහ ඊට සහාය දක්වන සන්ධාන පක්ෂවලට තලේබාන් සටන්කාමීන්ගෙන් තර්ජන එල්ල වූවා පමණක් නොව, ඔවුහු එම පක්ෂ රැලි සහ පක්ෂ සාමාජිකයන් ඉල්කක කර ගනිමින් ප‍්‍රහාර ද එල්ල කළහ. ෂරීෆ්ගේ මුස්ලිම් ලීගයට තර්ජන එල්ල නොවිණි.

‘තරීක් ඊ තලේබාන්’ සටන්කාමීන් ද පවසා ෂරීෆ් අවංකවම සාම සාකච්ඡා පැවැත්වීම කෙරෙහි උනන්දුවක් දක්වන බව පෙනී යන නිසා තමන් ඔහුගේ ආරාධනාව පළිගත් බවය.

පාකිස්තාන රජය, තලේබාන් සංවිධානය සතුරකු කර ගත්තේ හමුදා කුමන්ත‍්‍රණයකින් 1999 දී අගමැති ධුරයේ සිටි ෂරීෆ් බලයෙන් නෙරපා බලය අල්ලාගත් ජනපති සහ හමුදාපති පර්වේස් මුෂාරෆ්ගේ රජයයි.

2001 වසරේ දී ඇමෙරිකාව පාකිස්තානයේ අසල්වැසියා වන ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය පෙරළා ඇෆ්ගන් සංග‍්‍රාමය ඇරැුඹූ අවස්ථාවේදී, පාකිස්තානයේ මුෂාරෆ් රජය ඇමෙරිකාවට සහාය දුන්නේය.

තරීක් ඊ තලේබාන් සටන්කාමීන් පාකිස්තාන රජයට එරෙහි වූයේත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකිරීම ඇරැුඹුණේත් එම අවස්ථාවේදීය. එදා සිට අද තෙක්ම එම සටන්කාමීන් පරාජය කිරීමට පාකිස්තාන රජයට හැකිවී නැත.



අදහස් (0)

තලේබාන් සමඟ සාම කතා පවත්වන්න නවාස් ෂරීෆ් සූදානම්

ජෙප් Thursday, 23 May 2013 09:48 PM

ත්‍රස්තවාදීන් සමග මොන කතාද ? ලංකාවේ ආණ්ඩුත් ත්‍රස්තවාදින් සමග ඇති තරම් කතා කර කර හැමදාම රැවටුන. ලන්ඩනයේ සිදුඋන දෙයත්, ඩේවිඩ් කැමරූන් කියූ දෙයත් ප්‍රයෝජනයට ගන්න. ලංකාවේ නායකයත් ත්‍රස්තවාදීන්ට සාම කතාවට ආරාදන කළා. තවත් රැවටුනේ නැ. ත්‍රස්තවාදෙයට එලෙසින්ම පිළිතුරු දුන්නා. ලංකවේ නායකයාව ආදර්ශයට ගන්න.(නදී)

:       0       0

අජී Thursday, 23 May 2013 06:52 PM

සමයේ මල් පිපේවා! (නි)

:       0       0

ජෙෆ් Friday, 24 May 2013 11:06 AM

මුළු ලෝකයේම සිදු විය යුතු දෙය ත්‍රස්ත වාදීන් විනාශ කර දැමීමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 157 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site