පාකිස්තාන තලේබාන් සටන්කාමීන් සමඟ සාම සාකච්ඡා පවත්වා පවතින අර්බුදයට දේශපාලනික විසඳුමක් සෙවීමට පාකිස්තාන රජය ගත් තීරණයට ජනතා විරෝධය එල්ල වී ඇත.
මෙසේ විරෝධය පළ කරන්නේ තලේබාන්වරුන්ගේ අඩන්තේට්ටම්වලට මෙන්ම තලේබාන්වරුන්ගේ කුරිරු ප‍්‍රහාරවලට ගොදුරු වූවන්ගේ පවුල්වල අයයි. 
තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා අවශ්‍ය නොවන බවත් සටන්කර ඔවුන් පරාජය කළ යුතු බවත් එම පිරිස පාකිස්තාන රජයට පවසයි.
පාකිස්තාන තලේබාන් සටන්කාමීන් සමඟ සාම සාකච්ඡා පවත්වා පවතින අර්බුදයට විසඳුමක් සෙවීමට පාකිස්තාන රජය තීරණය කළේ ඇෆ්ගන් රජය අනුගමනය කරමිනි. සාම සාකච්ඡා පැවැත්වීමට තලේබාන් නායකයන්ගේ ද කැමැත්ත හිමිවී ඇතැයි වාර්තා වේ.
වසර 10 කට වැඩි කාලයක් තිස්සේ පවතින ගැටුම් නවත්වා පවතින අර්බුදයට දේශපාලනික විසඳුමක් සෙවීමට තමන් සූදානම් බව තලේබාන් නායකයන් අවධාරණය කර තිබේ.