ත්‍රස්තවාදී ප්‍රහාරයක උණුසුම මැකී යන්නටත් පෙර ගෝලීය උණුසම පිළිබද සාකච්ඡා කිරීමට නියමිත එක්සත් ජාතින්ගේ දේශගුණික විපර්යාස සමුළුව ප්‍රංශයේ පැවැත්වීම ගැන සමස්ථ ලෝකයේම අවධානය යොමුව පවතී.
මෙම සමුළුවට සහභාගී වීම සදහා ලෝකයේ රටවල් 150ක පමණ නායකයින් ප්‍රංශයේ පැරිස් නුවරට පැමිණ සිටීයි. පරිසරයට කාබන් නිදහස් කිරීම සීමා කිරීම සම්බන්ධව දීර්ඝ කාලීන ප්‍රයත්නයකට සැලසුම් සකස් කිරීම COP 21 ලෙස නම් කර ඇති මෙම සමුළුවේ ප්‍රධාන අරමුණයි.
දෙසැම්බර් 11දක්වා පැවැත්වෙන සමුළුවට 40,000ක පමණ ජනතාවක් සහභාගී වෙතැයි අපේක්ෂා කෙරේ. ඇමරිකානු ජනපති බැරක් ඔබාමා, චීන ජනපති ෂී ජිංපින්ග් වැනි නායකයින්ද සහභාගීවන බැවින් පැරිස් නුවර ආරක්ෂාව දැඩි කර ඇත.
විචාරකයින් පවසන්නේ පසුගියදා ප්‍රංශයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර වල උණුසුම තවමත් මැකීගොස් නොමැති බැවින් මෙම සමුළුවේ සාර්ථකත්වයට සම්බන්ධව එය බලපානු ඇති බවයි.
ත්‍රස්තවාදි ප්‍රහාරයෙන් පසු ප්‍රංශ දේශසීමා ආරක්ෂාව තරකර ඒවායේ පාලනයක් ද පනවා ඇත. විශේෂ පොලිස් කණ්ඩායම් 8000ක් සෝදිසි කටයුතු සිදුකරනු ලබයි. මේ වනවිට පොලිස් හා හමුදා බලමුළුවලට 120,000ක් පමණ ප්‍රංශය පුරා ස්ථාන ගත කැර සිටිති. ඇතැම් ප්‍රධාන මාර්ග පවා දින දෙකක කාලයක් වසා දමා ඇත.
2025 දෙසැම්බර් මස 04
81
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
356
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
370
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ත්‍රස්ත ප්‍රහාරයේ උණුසුම සමුළුවේ උණුසුම වැඩිකරයි