IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ත්‍රස්ත පුරුකක් සිඳලයි

කැරලිකරුවන් හා එක්වීමට සිරියාව බලා යෑමට පැමිණි මාලදිවයින් ජාතික කාන්තාවක හා පුද්ගලයින් දෙදෙනෙකු මාලදිවයින බලා පිටුවහල් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගනිමින් සිටින බව මාලදිවයිනේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තිදෙනා මාලදිවයිනේ සිට ශ්‍රී ලංකාවට පැමිණ එතැනින් තුර්කියටත් අනතුරුව සිරියාවටත් ගමන් කිරීමට සැළසුම් කර ඇතැයි හෙළිවී තිබේ.

තම රෝගාබාධ වලට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි බවත් නමුත් තිබෙන පහසුකම් ගැන සෑහීමකට පත්නොවන නිසා තුර්කිය බලා යෑමට සූදානම් වන බවත් මොවුන් තිදෙන ශ්‍රි ලංකා බළධාරීන් හමුවේ කියා තිබේ.

ඔවුන් ගැන සැකසිතා ඇත ශ්‍රි ලංකා බළධාරීන් පොලිස් බුද්ධි අංශය ඔස්සේ මාලදිවයිනේ සංවිධානාත්මක අපරාධ මර්දන දෙපාර්තමෙන්තුවට මේ බව දැනුම්දී තිබේ.එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති කාර්යාලයෙන් ලැබුණු නියෝගයක් මත මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

පසුව සිදුකෙරුණු පරීක්ෂණ වලදී කාන්තාව කණ්ඩායමේ සිටි එක් පුද්ගලයෙකුගේ බිරිඳ බවත් ඇය ඒ වන විට 7 මස් ගැබිණියක බවත් සොයාගෙන තිබේ.අනෙක් පුද්ගලයාට පහරදීම් හා දේපළ අලාභ හානි කිරීම් සම්බන්ධව පොලිස් වාර්තාවක්ද තිබෙන බව  අනාවරණයව ඇත.

සිරියා අගමැති බෂීර් අල් අසාඩ්ට එරෙහිව කැරලි ගසා සිටින මාලදිවයින් සම්භවයක් ඇති බිලාඩ් අල් ෂාම් මීඩියා කල්ලියට බැදීම සදහා මොවුන් සිරියාව බලා යන්නට උත්සාහ කර ඇතැයි සැක කෙරේ.



අදහස් (0)

ත්‍රස්ත පුරුකක් සිඳලයි

රූපවතී Friday, 07 November 2014 06:56 AM

ඇත්තටම මොනවද මේ මිනිසුන් බලාපොරොත්තු වෙන්නේ? දරුවෙකුත් කුස තුළ හොවාගෙන යුද්ධයට යන්න තරම් මොනතරම් කුරිරු හැඟීම් සමුහයක් ඒ ශරීරය තුළ පිරී ඇද්ද? කුස තුළ දඟලනවා දැනෙන තම නුපන් දරුපැටියාගේ අනාගතය, ඒ හුරුබුහුටි ළදරු මූහුණ දැකගන්න, ඔහුට ජීවය දෙන්න ඇයි ඒ අම්මාගේ හදවත මොළොක් නොවුණේ? (නි)

:       0       0

රූපවතී Friday, 07 November 2014 06:58 AM

කෙසේවෙතත් හොඳ ක්‍රියාවක්.ලෝකය තුළ අලුත් මුහුණුවරකින් ලංකාව ගැන කතාබස් කිරීමට අවස්ථාවක් සැළසුණා.හොඳ ප්‍රසිද්ධියක් ලැබෙන අවස්ථාවක් ලංකාවට. (නි)

:       0       0

මහින්ද Saturday, 08 November 2014 09:56 AM

ජනාදිපති අසද්ට විරුද්ධව බටහිරට ගති අාණ්ඩුවක් හදන්න උත්සහ දරන යට ඉඩ නොදිය යුතුයි.. පේනවා නේද ඇමෙරිකාව සහ එංගලන්තය ලිබියාවට කරපු දේ. ලංකාවේ යටත් හොඳ පාඩම්. රටේ ප්‍රශ්න වලට ඇමෙරිකාවේ සහ එංගලන්තයේ සහය පැතීම සියදිවි නසා ගැනීමක්.(හේ)

:       0       0

කමලන් Friday, 07 November 2014 08:41 AM

සාමයේ දහම.(හේ)

:       0       0

නන්දිමිත්‍ර Saturday, 08 November 2014 03:25 AM

කාන්තාවනුත් මේවට සම්බන්ධ වෙනවනේ! (නි)

:       0       0

නුවන් Friday, 07 November 2014 10:29 AM

සාමයේ දහම පතුරවන්න යන්න හදන්න ඇත්තේ!හෛ්)

:       0       0

ටෝනි Saturday, 08 November 2014 04:13 AM

ත්‍රස්තවාදයට නැවත හිස ඔසවන්නට ඉඩනොදෙමු (නි)

:       0       0

සමන් Friday, 07 November 2014 10:37 AM

මොහොමඩ් ගෆුර්, මේවා ජාතිවාදී අදහස් වගේද පෙන්නේ? නැත්නම් මිනිස්සු ඇත්ත කතාකරනවා පේන්න බැරිද? (බ)

:       0       0

ඉසුරන්දි Saturday, 08 November 2014 12:08 PM

අපේ ලංකාව හරහා ඔය ත්‍රස්තයින්ට ත්‍රස්ත කටයුතුවලට නම් යන්න ඉඩ තියන්න එපා. අපිත් මේවා ආදර්ශයට ගන්න ඕනේ මතුවට. (නදී)

:       0       0

දේවින්ද Sunday, 09 November 2014 04:41 AM

කාන්තාවක් අතින් මරණයට පතුනොත් එයට ස්වර්ගයට ඇතුළු වෙන්න බහේ කියල තියනවා. ඉතින් කාන්තාවෝ උදව් දෙන්නේ ඔහොමයි.(හේ)

:       0       0

නෙත්මි Saturday, 08 November 2014 05:53 PM

ත්‍රස්තවාදය ගැන නම් මම මතක්කරන්නවත් කැමති නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 339 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2148 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1623 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site