අසිඑස්අසිඑස් ත්‍රස්තයින්ගේ ග්‍රහණයේ සිට ඉතා කෘෘර ලෙස ලොව ඉදිරියේම ඝාතනය කෙරුණු ඇමරිකා මාධ්‍යවේදී ජේම්ස් ෆොලී එවූ අවසන් ලිපිය අන්තර්ජාතික මාධ්‍ය වෙත ලබාදීමට ඔහුගේ දෙමව්පියන් කටයුතු කර ඇත.පහත දැක්වෙන්නේ එම ලිපියේ පරිවර්තනයකි.

අම්මා තාත්තා හා මිතුරන් වෙත ආදරයෙන්,

මට මතක් වෙනවා තාත්තා මා  වෙළදපොළට එක්ක ගිය හැටි.මට මතක් වෙනවා මම අම්මා එක්ක බයිසිකල් පැදපු හැටි. මගේ ජීවිතයේ හොද දේවල් ඔක්කොම මට මතක් වෙනවා.ඒවා මාව මේ සිරගෙදරින් ගොඩක් ඈතකට ගෙනයනවා. ඒ මතක මගේ හදවත සන්තෝසයෙන් පුරවනවා  .

මම දන්නවා ඔබ සියලූදෙනා මා වෙනුවෙන් දෙවියන් යදින බව. මමත් ඔයගොල්ලන් වෙනුවෙන් දෙවියන් යදිනවා.ඒ යදින්නේ ඔයාලායට ශක්තිය හා විශ්වාසය දෙන්න කියලා ඉල්ලලා.මෙහෙම දෙවියන් යදිනකොට මට ඔගොල්ලන් මගේ ළගම ඉන්නවා වගේ දැනෙනවා.මේ අඳුරු කුටියේ ඔයාලා මගේ ළඟම.  මගේ අතේ දුරින් ඉන්නේ.

එක් කුටියක අප 18 දෙනෙක් සිටිනවා.අපට ඕනෑ තරම් කාලය තියෙනවා ඕපා දූප කතාකරන්න. චිත්‍රපටි ගැන, ක්‍රීඩා ගැන,  ඔහොම ඔහොම එක එක දේවල් ගැන අපි පැය ගණන් කතා කරනවා. ඒ එක්කම අපිම හදාගත්ත සෙල්ලම් කරනවා.ඒවාට යොදාගන්නේ මේ සිරකුටියේ තැන තැන තියෙන එක එක කෑලි.ඔය එක්කම අපි චෙස්,දාම් වගේ සෙල්ලම් පුළුවන් විදිකට කරනවා.අපි අතර තරගාවලීත් තිබුණා.ඊළග දවසේ කරන්නේ මොනවාද කියලා සැළසුම් හදමින් දවස ගතකරපු වේලාවලූත් තිබුණා.කාලය ගෙවා දමන්න මේවා ගොඩක් උදවු වුණා. අපි ඇතැම් වෙලාවල හිනා වෙනවා.නිහඩතාවය බිද දමන්න.

අපට හොද වගේම නරක දවසුත් තියෙනවා.අපේ කෙනෙක් නිදහස් වෙලා යනවා කියන්නේ අප සියලූදෙනා සතුටු වෙන වෙලාවක්.ඒ එක්කම අපිත් නිදහස් කරනවානම් කියලා හිතෙනවා. අපි සියලූදෙනා සහෝදර බැම්මකින් බැඳිලා ඉන්නේ.කාටවත් වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. දැන් අපට පෙරට වඩා හොඳට සළකනවා.තේ කෝපි වගේ දේවලූත් ලැඛෙනවා.මගේ බරත් වැඩිවෙලා වගේ.

මගේ සහෝදරයින් ගැනත් සහෝදරිය ගැනත් මා නිතරම සිතනවා.මට මතකයි මයිකල් එක්ක මම කරපු සෙල්ලම්.වෘක මිනිහෙක් වගේ ඇදගෙන කළුවරේ එහෙ මෙහෙ දුවපු හැටි එහෙම.මේරි වයි ටී  එළවාගෙන කුස්සිය පුරා දුවපු හැටිත් මතක් වෙනවා.ඔවුන් ගැන සිතීමත් මට සතුටක්.මගේ බැංකු ගිණුමේ මුදල් ඉතිරිවෙලා තියෙනවනම් ඒ ඔක්කොම මයිකල්ටයි මැතිව්ටයි දෙන්න.මයිකල් ගොඩක් ස්තූතියි ඔයාට මා  ඒ කාලේ සතුටෙන් තිබ්බට.

ඒ එක්කම බිග් ජෝන්,ඔයා ජර්මනියේදී හම්බවෙන්න ලැබිච්ච එක ලොකු සතුටක්.ස්තූතියි මාව පිළිගත්තාට.රොරෝ ගැන මා නිතරම සිතනවා,ජැක් එහෙම මොනවා කරනවාද දන්නේ නැහැ.මා සිතනවා ඔහු රොරෝට කැමති වනු ඇතැයි කියලා.

මාක්,මම ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙනවා.දැන් ඔයා ඉන්නේ හිම පුවරු මත නැගිලා සෙල්ලම් කරමින්, බටහිර පැත්තේ කූඩාරම් ගහගෙන හෙම වෙන්න ඇති.මට මතකයි අපි දෙන්නා බොස්ටන්හි  කළ දේවල්. ඒ මතකයන් මට අලූත් බලාපොරොත්තු ගෙන එනවා.

කේටී, ඔයා ගැනත් මට ආඩම්බරයි. ඔයා තමයි අප අතරින් හොඳම ඒ එක්කම ශක්තිවන්තම කෙනා.හෙදියක් හැටියට ඔයා වෙහෙසවෙලා මිනිස්සුන්ට උදවු කිරීම ගොඩක් අගය කරන්න ඕනෑ දෙයක්. මට සතුටුයි උන් මාව අල්ලාගන්න ඉස්සෙල්ලා මට ඔයා එක්ක කෙටි පණිවිඩ හුවමාරු කරගන්න පුළුවන් වුනාට.මම ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ ඔයාගේ විවාහ මංගල්‍යයට එන්න......මම දැන් කතා කරන්නේ හරියට ආච්චි අම්මා වගේ නේද?

ආච්චි අම්මේ,ඔයාගේ ඛෙහෙත් ටික හරියට ගන්න.හොඳට ඇවිදින්න,හොදට නටන්න. මම ආවහම ඔයා  මාර්ගරිටා එක්ක යන්නම්.මා වෙනුවෙන් ශක්තිමත්ව ඉන්න.මට ඔයාගේ උදවු ගොඩක් ඕනෑ වෙනවා මගේ ජීවිතේ ගොඩගන්න. ‘

ජිම්.